එලොන් මස්ක් ට්විටර් සමාගමට තර්ජනය කරයි
ප්‍රකෝටිපති ව්‍යවසායක එලොන් මස්ක් ට්විටර් අත්පත් කර ගැනීමේ උත්සාහයේදී ජය ගන්නේ නම්, කොටස් හිමියන්ට අවාසියක් කරමින් පවරා ගැනීම අවහිර කිරීමට උත්සාහ කළ සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ගෙවීම නතර කිරීමක් හෝ ඔවුන් නෙරපා හැරීමක් සිදුකරන බවට තර්ජනය කර තිබේ.
ෆෝබ්ස් විසින් ඩොලර් බිලියන 270කට ආසන්න ධනයක් ඇස්තමේන්තු කර ඇති මස්ක්, ඔහුගේ ඩොලර් බිලියන 43ක අත්පත් කර ගැනීම සිදු වුවහොත් ට්විටර් හි අධ්යක්ෂවරුන් නෙරපා හැරීමට හෝ අවම වශයෙන් ඔවුන්ගේ වන්දිය කපා හරින බව පවසා සිටියේය.
ආයෝජන උපදේශක ගැරී බ්ලැක්ට ප්‍රතිචාර දක්වමින් ඔහු සිය ප්‍රකාශය කළේ, ට්විටර් එහි අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට බාහිර අධ්යක්ෂවරුන් ලෙස අර්ධකාලීන වැඩ සඳහා වාර්ෂිකව ඇ.ඩො.250,000ත් 300,000ත් අතර මුදල් සහ කොටස් අමතරව ගෙවන බව පවසමිනි.
"මගේ ලංසුව සාර්ථක වුවහොත් මණ්ඩලයේ වැටුප ඩොලර් 0ක් වනු ඇති. එසේ වුවහොත් මේ මගින් වසරකට ඩොලර් මිලියන 3ක් ඉතිරි වේවි" මස්ක් ට්විටර් සටහනක පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

