එන්නත් විද නැතොත් සුපිරි ක්‍රීඩකයා ආ පයින්ම ගෙදර
ලොව ප්රමුඛ පෙළේ ටෙනිස් ක්‍රීඩක, සර්බියානු ජාතික නොවැක් ජොකොවික් එලැඹෙන ජනවාරි 17දා ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා එන්නත් නීතිවලින් නිදහස් කිරීමක් සිදුවේවිද යන්න ගැන රට තුළ ආන්දෝලනයක් ඇති වී තිබේ.
ජොකොවික් එන්නත් ලබාගත්තේද නැද්ද යන්න පැහැදිලි නොමැතිව ඇත්තේ, ඔහුගේ සෞඛ්‍ය තොරතුරු ප්‍රසිද්ධ කර නොමැති බැවිනි.
කෙසේ වෙතත් ඔහු මීට පෙර පවසා තිබුණේ තමන් එන්නත් ලබාගැනීමට විරුද්ධ බවය. ඒ මතයේ ඔහු තවදුරටත් සිටී නම් ජෙකොවික් එන්නත් ලබාගෙන නොමැති විය යුතුය.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ, ජොකොවික්ට නිදහසේ රටට ඇතුළු වීමට නම් ඔහුගේ එන්නත්කරණය පිළිබඳ දත්ත ඉදිරිපත් කළ යුතු බවයි. එසේ නොමැති නම්, ඊළඟ ගුවන් යානයෙන් ඔහුට නැවතත් නිවෙස බලා ගිය හැකි බවත් අගමැතිවරයා සඳහන් කර තිබේ.



popular news
-
ඉරංග පීරිස් Thursday, 06 January 2022 07:17 AM
එන්නතේ අරමුණ රෝගය වැළැක්වීම නොව - සංකූලතා අවම කිරීමයි. සංකූලතා තමුන්ට කරදරයක් බැවින්, සෞඛ්‍ය අංශ සහ රාජ්‍යයන්, එන්නතට වැරදි වටිනාකමක් ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, එන්නත්කරණයට ලක්වූ ජනතාව, සෞඛ්‍ය මාර්ගෝපදේශ අවතක්සේරු කරමින් කටයුතු කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. නව සාමාන්‍යකරණය වෙනුවට, සාමාන්‍යකරණයට සමාජය යොමු වෙනවා. වසංගතය තවදුරටත් පැතිරෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

