එන්නත් ලබාදීම ඉහළ යද්දී ඔස්ට්‍රෙලියානු ආසාදන අඩුවේ
එන්නත් කිරීමේ වේගය ඉහළ යාම මධ්‍යයේ බලධාරීන් දැඩි සීමා ලිහිල් කිරීම ආරම්භ කර ඇති ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල දෛනික නව කොවිඩ්-19 ආසාදන පහත වැටෙමින් ඇති බව කියයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ දේශීයව වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් තවමත් වැඩි පිරිසක් මෙල්බර්න් අගනුවරින් වාර්තා වෙයි. කෙසේ වෙතත් ගතවූ දිනයේ නව මරණ 11ක් වාර්තා වූ අතර එය වර්තමාන වසංගතයේ ප්‍රාන්තයේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවයි.
ශීඝ්‍රයෙන් පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තෙවැනි ආසාදන රැල්ල සමග පොරබදමින් මෙල්බර්න් අගෝස්තු 5දා සිට අගුලු දමා ඇති අතර, ඒ නිසා එහි විශාලතම නගරය වන සිඩ්නි සහ කැන්බරා අගනුවර මිලියන ගණනක්ද දැඩි සංචරණ නීති යටතේ තබා ඇත. අනෙකුත් බොහෝ ප්‍රාන්තවල ආසාදන ශුන්‍ය හෝ අඩු අවස්ථා ඇත.
ඔක්තෝබර් අවසානයේදී ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන වැඩිහිටි ජනගහනයෙන් 70%කට පූර්ණ එන්නත ලබා දීමෙන් පසු දැඩි සීමා ලිහිල් කිරීමට වික්ටෝරියානු බලධාරීන් සැලසුම් කරන අතර, 80% ඉලක්කය සමග සීමා බොහෝ සෙයින් ලිහිල් කෙරෙනු ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

