එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා මගපෙන්වීමක් - CDC
එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් මෙම සතිය අගදී සම්පූර්ණ එන්නත ලබාගත් පුද්ගලයන් සඳහා මගපෙන්වීමක් නිකුත් කරන බව CDC ආයතනයේ නිලධාරියෙක් අනාවරණය කරයි.
ඒ අනුව CDC විසින් මුලින්ම වාර්තා කරන මගපෙන්වීමෙහි අඩංගු පුළුල් තේමාවන් එම නිලධාරියා සැකෙවින් මෙසේ විස්තර කර ඇත.
එහිදී සම්පුර්ණයෙන්ම එන්නත ලබාදුන් පුද්ගලයන් ඥාතී හිතමිත්‍රාදීන් සමග නිවාසවල කුඩා කණ්ඩායම් වශයෙන් ඔවුන්ගේ සමාජ අන්තර්ක්‍රියා සීමා කළ යුතු බවට නිර්දේශයක් ඇතුළත් බව වාර්තා වේ.
එසේම සම්පූර්ණයෙන්ම එන්නත ලබාගත් පුද්ගලයන් තවදුරටත් සමාජයේ ගැවසෙන විට සහ පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම සහ සමාජ දුරස්ථභාවය පැවැත්වීම ආදියද නිර්දේශ කරනු ඇති බව කියයි.
මීට අමතරව, විදෙස් සංචාර ආදී සැලසුම් සකස් කිරීමේදී සලකා බැලිය යුතු අවස්ථාද එයට ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.
විශේෂයෙන්ම එන්නත් මාත්‍රාවන් එකක් දැනට ලබාගෙන සිටියත්, මාත්‍රා දෙකම ලබාගත්තත් තවදුරටත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වෙත යොමුවිය යුතු බවත්, ඒවා කිසිලෙසකින්වත් අතපසු නොකළ යුතු බවත් වසංගත රෝග පිළිබඳ විශේෂඥයන්ගේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේද මතය වී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

