ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා
බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතු අද (17දා) පස්වරුවේ රාජකීය ගෞරව සහිතව සිදුවන අතර, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම අවස්ථාව සජීවීව නරඹනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
බකිංහැම් මාලිගයේ නිවේදනයට අනුව ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පිලිප් කුමරු වෙනුවෙන් වූ ගෞරව කිරීමේ දේව මෙහෙය පැවැත්වෙයි. මෙහිදී කුමරු වෙනුවෙන් රටම විනාඩියක නිහඬතාවක්ද පවත්වනු ඇත. මෙම අවස්ථාවට රාජකීය පවුලේ සමීපතම සාමාජිකයන් ඇතුළු 30 දෙනෙකු පමණක් සහභාගී වන්නේ පවතින කොරෝනා වසංගත නීතිරීතිවලට අනුකූල වෙමිනි.
කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්ඩ්රෝවර් රථය සහිත අවමංගල්‍ය පෙරහර බ්‍රිතාන්‍ය හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන ග්රෙනේඩියර් ආරක්ෂක භට කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබේ. මෙම පෙරහරට චාල්ස්, විලියම් ඇතුළු රාජකීය පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුද එකතු වනු ඇත.
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු වයස අවුරුදු 99 දී සිය ජීවිතයට සමුදුන්නේ පසුගිය සතියේ සිකුරාදාය. දීර්ඝ කාලයක් සේවය කළ බ්‍රිතාන්‍යයේ රාජකීය ස්වාමියා ලෙසද කුමරු ඉතිහාසගත වී ඇත.
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
පෞද්ගලික හා ලංගම බස් දෙක රෙස් යයි
පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
නිදි යහනේ මියගිය රාජ්‍ය සේවිකාවගේ මරණය ඝාතනයක් , සාක්කි දෙන්න පැමිණි සැමියා අත්අඩංගුවට
රු. 2000 නෝට්ටුව ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්
ලංකාවේදී අයිස් නිපදවන්න ඉරානයෙන් ඇවිත්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd