මෙක්සිකෝවේ දේශ සීමාවෙන් මෙතෙක් හමු වූ දිගම ජාවාරම් උමං මාර්ගය සොයාගෙන ඇති බව එක්සත් ජනපද ආරක්ෂක අංශ පවසයි.
අඩි 4,309ක් (මීටර් 1,313) දිගට විහිදෙන උමගට සෝපානයක්, දුම්රිය මාර්ගයක්, ජලාපවහන හා වාතාශ්‍රය පද්ධති සහ අධි වෝල්ටීයතා විදුලි රැහැන් ඇත.
මෙම උමං මාර්ගය මෙක්සිකානු නගරයක් වන ටිජුවානා හි කම්හලක සිට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ ප්‍රදේශයට සම්බන්ධ වන බව කියැවෙයි.
අත්අඩංගුවට ගැනීමේදී මත්ද්‍රව්‍ය කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, උමග සෑදීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.
එක්සත් ජනපද රජය විසින් ලොව විශාලතම මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධානයක් ලෙස විස්තර කරන මෙක්සිකෝවේ සිනාලෝවා කාටලය ක්‍රියාත්මක වන්නේ මෙම ප්‍රදේශය ආශ්‍රිතවය. එහි නිර්මාතෘ හා දිගුකාලීන නායක ජොකින් එල් චැපෝ ගුස්මාන් එක්සත් ජනපදයේ සිරභාරයේ සිටියි.