උ.කොරියා න්‍යෂ්ටික වැඩපිළිවෙළ තවදුරටත් සිදුවන බවට UN චෝදනා
උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත්හැර නොමැති බවත්, ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නොසලකා හැර ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නවතම වාර්තාවකින් පවසයි.
එමෙන්ම, නෞකාවකින් නෞකාවකට නීති විරෝධී ලෙස ඛනිජ තෙල් නිෂ්පාදන ලබාගැනීමේ ක්‍රියාවලියේ උතුරු කොරියාව තවදුරටත් කටයුතු කරන බවට චෝදනා කරන ආරක්ෂක කවුන්සලය, ඉන් නොනැවතී අයුද වෙළෙඳමේද නිරත වන බව පවසයි.
ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පසුගිය සිකුරාදා මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත භරදී තිබුණි.
මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව විදෙස් වාර්තා පවසයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර පසුගියදා සිංගප්පූරුවේදී සිදුවූ ඓතිහාසික හමුව නොසලකා උතුරු කොරියාව බැලස්ටික් මිසයිල නිෂ්පාදනයේ තවදුරටත් නිරත වන බව ඇමෙරිකානු බුද්ධි තොරතුරු පසුගිය සතියේදී අනාවරණය වී තිබුණි.
නායක දෙපළ අතර සිදුවූ ඓතිහාසික හමුවේදී සම්පූර්ණ න්‍යෂ්ටික හරණයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

