උතුරු කොරියාව න්‍යෂ්ටික අවි ගැන අනතුරු ඇඟවීමක
උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් සිය න්‍යෂ්ටික අවි පිළිබඳ ස්ථාවරය පවසමින්, රටේ මහා විනාශකාරී ආයුධ සංවර්ධනය වේගවත් කිරීමට සහ උතුරු කොරියාව ප්‍රකෝප කිරීමට කිසිවෙකු උත්සාහ කළහොත් ඒවා ප්‍රහාරාත්මක ලෙස යෙදවීමටත් ප්‍රතිඥා දී තිබේ.
"අපේ න්‍යෂ්ටික ආයුධ තවදුරටත් හැකි ඉක්මනින් සංවර්ධනය කිරීම සඳහා අප දිගටම පියවර ගන්නවා. ඒ අනුව, උතුරු කොරියාවේ න්‍යෂ්ටික ආයුධ ඕනෑම අවස්ථාවක යෙදවීමට සූදානම් විය යුතුයි" ඔහු පැවසුවේ හමුදා පෙළපාලියක් අතරතුරය.
උතුරු කොරියාවට තර්ජනයක් එල්ල වුවහොත් රටේ න්‍යෂ්ටික අවි සක්‍රීයව භාවිත කළ හැකි බව කිම් සෙබළුන්ට පවසා ඇත. මෙම පෙළපාලිය රටේ විරුද්ධවාදීන්ට පහර දිය හැකි මිසයිලවලින් සමන්විත වූ බව රාජ්‍ය මාධ්‍ය ආයතනය පවසයි. එම ආයුධවලට එක්සත් ජනපද ප්‍රධාන භූමියට න්‍යෂ්ටික යුධ හිසක් රැගෙන යා හැකි අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල (ICBM) මෙන්ම, දකුණු කොරියාවට හෝ ජපානයට එරෙහිව භාවිත කළ හැකි ප්‍රබල මිසයිලද ඇතුළත්ව ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

