උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීම් 2ක් සිදුකරලා
උතුරු කොරියාව තවත් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
මෑත සති කිහිපය තුළ උතුරු කොරියාව විසින් සිදුකළ පස් වැනි බැලස්ටික් මිසයිල අත්හදා බැලීම ලෙස මෙය සැලකෙයි.
කෙසේ වෙතත්, ඔවුන් එවැනි බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇත්නම්, එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 11 වැනි යෝජනාව කඩ කිරීමක් බව සඳහන් වෙයි.
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගෙන් තමන් වෙත ඉතා රමණීය ලිපියක් ලැබුණු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටීමත් සමග මෙම මිසයිල අත්හදා බැලීම සිදුවීමද විශේෂත්වයකි.
එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අතර හෙට ආරම්භ වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාස සම්බන්ධයෙන් උතුරු කොරියානු නායකයා නොසතුටින් බව ට්‍රම්ප් පවසයි.
මීට පෙරද උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම් සිව්වතාවකදී සිදුකළ අතර, කිම් සහ ට්‍රම්ප් දේශසීමා නගරයේදී අවසන් වරට හමුවීමෙන් පසුව මෙම ප්‍රහාර එල්ල විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

