උතුරු කොරියාවෙන් දිගුදුර බැලස්ටික් අත්හදා බැලීමක්
උතුරු කොරියාව දිගුදුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති අතර, මෙය න්‍යෂ්ටික අවියක් ප්‍රවාහනය කළ හැකි යුද ශීර්ෂයක් රැගෙන යා හැකි මිසයිලයක් බව කියැවේ.
විශේෂයෙන්ම උතුරු කොරියානු ගුවන් සීමාව වෙත ඇමෙරිකාව විසින් ඔත්තු බැලීමේ යානයක් එවීමේ සිදුවීම මූලික කර ගනිමින් ඇමෙරිකාවට අනතුරු ඇඟවීම සඳහා මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇත.
ප්යොන්ග්යැන්ග් ආසන්නයෙන් ගුවන් ගත කර ඇති මෙම මිසයිලය බටහිර ජපානය ආසන්න මුහුදට පතිත වීමට පෙර විනාඩි 74ක කාලයක් සිය ඉලක්කය වෙත ගමන් කර ඇති බව සඳහන් වෙයි.
ජපාන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ මෙම මිසයිලය කිලෝමීටර් 6,000කට ආසන්න දුරක් ගමන් කර සාගරයට පතිත වූ බවයි.
මෙම දිගුදුර බැලස්ටික් මිසයිල උතුරු කොරියාව සතු ප්රබලතම අවියක් වන අතර, ඇමෙරිකා එක්සත් ජනපදය වෙත වඩත් පහසුවෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කළ හැකි අවියක් ලෙස සැලකෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
