ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු දෙවැනි එන්නතත් ලබා ගනියි
- 10 01 2021
- 07:06
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ෆයිසර් - බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතේ දෙවැනි එන්නත් මාත්‍රාවද ලබාගෙන ඇති අතර, අගමැතිවරයා සමග එරට සෞඛ්‍ය අමාත්‍ය යුලි එඩෙල්ස්ටයින්ද දෙවැනි මාත්‍රාව ලබාගෙන තිබේ.
"මම එයට පුරුදු වී සිටිනවා. ඒ වගේම මම ඉතා සතුටට පත්වන අතර, දෙවැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමට සූදානම්ව සිටින සියලුම ඊශ්‍රායෙලයේ පුරවැසියන් මා මෙන් සතුටට පත්වන බවද මට විශ්වාසයි" අගමැතිවරයා පැවසීය.
කොවිඩ්-19 ට එරෙහිව ඊශ්‍රායලය සිය පුරවැසියන්ට එන්නත් ලබාදෙමින් ස්ථාවර ප්‍රගතියක් ලබා ඇති අතර, මාර්තු අග වනවිට සියලුම ඊශ්‍රායල් පුරවැසියන්ට එන්නත් ලබා දෙන බව අගමැති නෙතන්යාහු අවධාරණය කර තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
