යුද්ධය කොපමණ කාලයක් ගතවේදැයි අසන ඊශ්‍රායල ජාතිකයින්ට සෘජු පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ එයට "අවශ්‍ය තාක් කල් ගතවනු ඇත" යනුවෙනි. මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසිය. "අපි එක්ව වැඩ කරනවා. අපි එක්ව ජයග්‍රහණය කරනවා" යැයි ඔහු පැවැසීය.
නෙතන්යාහු පවසන්නේ ඔවුන් ඉරානයේ ධාරිතාව විනාශ කර ඇති බවත් ඉරානයට සැලසුම් කළ දේ සාක්ෂාත් කරගත නොහැකි බවත්ය.
ඉරානයට ඊශ්‍රායලයේ ගොඩනැගිලි දහස් ගණනක් පෙරළා දැමීමට අවශ්‍ය වූ නමුත් ඒ වෙනුවට ඒවා ලෙබනනයේ සහ ඉරානයේ කඩා වැටෙන බව ඔහු පවසයි.
"අපි මැද පෙරදිග වෙනස් කරන්නෙමු, මම ඔබට එය පොරොන්දු වෙනවා", ඔහු පවසයි. ඔහු පවසන්නේ ඉරානය "කවදාටත් වඩා දුර්වල" බවත්, ඊශ්‍රායලය ශක්තිමත් බවත්ය.