ඉරානයට එරෙහි සම්බාධක ලිහිල් කරන්න - UN ඇමෙරිකාවට කියයි
ඉරානයට එරෙහිව යළිත් වරක් පනවන ලද සම්බාධක ලිහිල් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර යුක්තිය අධිකරණය විසින් ඇමෙරිකාවට නියෝග කර තිබේ.
විශේෂයෙන්ම, න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමෙන් අනතුරුව පසුගිය වසරේ ඉරානයට එරෙහිව යළිත් වරක් පැනවූ සම්බාධකවලින් ආහාර සහ ඖෂධ ආදී මානුෂීය ද්‍රව්‍ය ඉරානයට අපනයනය කිරීමට ඉඩ දෙන ලෙස අධිකරණය ඉල්ලා ඇත.
නමුත්, මීට පිළිතුරු සපයා ඇති ඇමෙරිකාව සඳහන් කර ඇත්තේ, මෙය ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වන හෙයින් මේ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට ජාත්‍යන්තර යුක්තිය අධිකරණයට බලයක් නොමැති බවයි.
එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රධානතම නීති ආයතනයක් වන හේග් නුවර පිහිටි ජාත්‍යන්තර යුක්තිය අධිකරණයට නියෝග නිකුත් කිරීමේ හැකියාවක් පැවතියද, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා බලපෑම් කිරීමේ බලයක් නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මෙම විශේෂ අධිකරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් අතර පවතින නීතිමය ගැටුම් නිරාකරණය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

