ඉන්දු පාකිස්තාන උණුසුම යළිත් ලෝක කුසලානය සමග ඇවිලේ
ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇතිවී තිබෙන උණුසුම යළිත් වරක් උත්සන්න වී තිබේ. මෙවර එය ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සමගිනි.
දෙරට අතර ක්රිකට් තරගයක් එලැඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත අතර, ලෝක කුසලාන තරගාවලියේ වඩාත් උණුසුම්ම තරගය එය වනු ඇති බව විශ්වාස කෙරෙයි.
එහිදී, පාකිස්තානය රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් සමග මෙම උණුසුම අරඹා ඇති අතර, එහි පාකිස්ථානය වෙත ගුවන් ප්රහාර එල්ල කිරීමට පැමිණ ප්රතිප්රහාර හමුවේ විනාශ වූ යානයෙන් මිදී අත්අඩංගුවට පත් ඉන්දියානු සෙබලා උපහාසයට ලක්කර ඇත.
මෙම සෙබලා එම අවස්ථාවේදී ඉන්දියාවේ විරුවෙකු බවට පත්වූ අතර, පසුව සාමය වෙනුවෙන් ඔහු නිදහස් කිරීමට පාකිස්තානය කටයුතු කළේය.


popular news
-
රජින්ද Thursday, 13 June 2019 12:19 PM
සාමය වෙනුවෙන් යයි කියා මොහුව නිදහස් කිරීම පාකිස්තානයේ උපායක් උවත්, ඉන්දියානුවන්ට අනුව යුද විරුවා යනු යුද්ධයේදී මිය යන්නෙක් පමණක් වන අතර බැරි වෙලාවත් ඔහු දිවි බේරාගෙන පැමිණියහොත් ඔහු යුධ විරුවෙක් වන්නේ නැත.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

