ඉන්දුනීසියාවේ සියලූම බෝයිං 737-Max 8 යානා පරීක්ෂාවට
ඉන්දුනීසියාවේදී පුද්ගලයන් 189 දෙනෙකු සමග බෝයිං 737-Max 8 ගුවන් යානයක් සාගරයට කඩා වැටීමත් සමග එරට ඇති එම වර්ගයේ සියලුම වාණිජ ගුවන් යානා පරීක්ෂා කිරීමට නියෝග කර තිබේ.
ජකාර්තා අගනගරයේ සිට ගුවන්ගත කර විනාඩි 13කට පසුව මෙම යානය ආසන්නයේ සාගරයට කඩා වැටී තිබුණේ යානය ආපසු හරවාගෙන පැමිණෙන බවට නියමුවා පාලක මැදිරිය ඇමතීමෙන් පසුවය.
මෙම ඛේදවාචකයෙන් පසුව යානය කඩා වැටුණු මුහුදු තීරයේ සිදුකෙරුණු සෝදිසි මෙහෙයුම්වලින් එහි සුන්බුන්, මළ සිරුරු සහ ගමන්ගත් මගීන්ගේ පෞද්ගලික බඩු භාණ්ඩ රැසක් සොයාගැනීමට හැකි වුවත්, යානයේ කළු පෙට්ටිය මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇත.
බෝයිං ගුවන් සමාගම මෙම 737-Max 8 යානය පසුගිය වසරේදී ලොවට හඳුන්වාදෙනු ලැබූවක් වන අතර, මෙම යානය මීට මාස කිහිපයකට පෙර සම්පූර්ණ නඩත්තු සේවා කටයුත්තක්ද සිදුකළ යානයක් බව කියැවෙයි.
ඒ අනුව, ඉන්දුනීසියාවේ ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියේ ඉන්දුනීසියාව තුළ ක්‍රියාත්මක වාණිජ ගුවන් සේවාවන් හි කටයුතු කෙරෙන සියලුම වර්ගයේ 737-Max 8 යානා පරීක්ෂා කර වාර්තාවක් ලබාදෙන ලෙසයි. නමුත්, එම දැනට පියාසර කරන යානා ගාල් කිරීමක් සිදු නොවනු ඇති බවද අමාත්‍යවරයා පවසා තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

