ඉන්දීය මහ මැතිවරණයේ සිව්වැනි අදියර ආරම්භ වේ
- 29 04 2019
- 22:25
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉන්දීය මහ මැතිවරණයේ සිව්වැනි අදියර ආරම්භ වූ අතර, මෙවර ආසන 72ක් වෙනුවෙන් ඡන්දය පැවැත්වෙයි.
ඒ අනුව, උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන්, බිහාර්, මහාරාශ්ට්ර, ඔරිස්සා, බටහිර බෙංගාලය, ජහර්කන්ද් සහ ඉන්දිය පාලනයේ පවතින කාෂ්මීරයේද මෙම අදියර යටතේ ඡන්දය පැවැත්වෙයි.
එමෙන්ම, ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුමාබායි හි ඡන්දයද මෙම අදියර යටතේ පැවැත්වෙයි.
විශේෂයෙන්ම, එරට ප්‍රකට පුද්ගලයන් රැසක් ජීවත්වන මුම්බායි නුවරදී, බොලිවුඩ් නළු නිළියන් රැසක් සිය ඡන්දය ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ලොව දැවැන්තම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස ඉන්දීය මහ මැතිවරණය සැලකෙන අතර, තවත් අදියර 3ක් යටතේ ඡන්දය පැවැත්වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
