ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රාන්ත 12ක ඡන්ද විමසීම් අදට (17දා) යෙදී තිබුණු අතර, එය කොට්ඨාස 121ක් සඳහා සභිකයන් තෝරා ගන්නා මෙවර මහ මැතිවරණයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කරන දිනය වූ බව විදෙස් පුවත් සේවා පවසයි.
එමෙන්ම ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙවර මැතිවරණ ජයග්‍රහණයේ තීරණාත්මක දිනයක් ලෙසද අද දිනය සැලකිය හැකි බවයි.
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය සති 5ක කාලයක් පුරා පැවැත්වෙයි.
මෙවර මහ මැතිවරණයේදී පාලක කොංග්රස් පක්ෂයට දැඩි බලපෑමක් එල්ල කිරීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇති බව විචාරක මතයයි. කෙසේ වෙතත් හින්දු ජාතිකවාදී පක්ෂය ලෙස සැලකෙන භාරතීය ජනතා පක්ෂයේ නැගිටීම ඉන්දියාව තුළ යම් ගැටුමක ආරම්භයක්දැයි ප්‍රශ්න කරන්නෝද වෙති.
මේ අතර, මෙවර මහ මැතිවරණය වර්ජනය කරන මෙන් ඉන්දීය මාඕවාදීන් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ඇතැම් පළාත්වලින් වරින් වර ප්රචණ්ඩක්රියාද වාර්තා විය.
මහ මැතිවරණය මැයි මස 12 වැනිදා අවසන් වන අතර, ඡන්ද ගණන් කිරීම 16 වැනිදා සිදු කෙරේ.