ඉන්දීය ප්‍රකට කෙටිදුර ධාවන ශූරයා සිං කොවිඩ් නිසා මරුට
ඉන්දියාවේ වඩාත් ප්‍රකට කෙටි දුර ධාවන ශූරයෙකු වූ මිල්කා සිං වයස අවුරුදු 91දී කොවිඩ්-19 ආසාදනය වී මාසයක් පුරා ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව සිය දිවි ගමනට සමුදී තිබේ.
"පියාඹන සික්" යන අන්වර්ථ නාමයෙන් හැඳින ගැනුණු සිං ඉන්දියාවේ වඩාත්ම සාර්ථක ධාවන ශූරයෙකු ලෙස සැලකෙයි. ඔහු ආසියානු ක්‍රීඩා රන් පදක්කම් 4ක් දිනාගත් අතර 1958 දී ඉන්දියාවේ ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ශූරයා බවට පත්විය. ඊළඟ වසරේදී සිංට ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවයන්ගෙන් එකක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.
සිං පසුගිය මාසයේ කොවිඩ්-19 රෝගයට ගොදුරු වූ අතර ඉන්දියාවේ උතුරු නගරය වන චන්දිගාර්හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. උණ සහ ඔක්සිජන් සන්තෘප්ත මට්ටම පහත වැටීම ඇතුළු සංකූලතා ඇතිවීමෙන් ඔහු පසුගිය සිකුරාදා සිය දිවි ගමනට සමු දුන්නේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ අසහාය ක්‍රීඩකයා වෙනුවෙන් සිය අවසන් ගෞරවය ප්‍රකාශ කර තිබුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

