ඉන්දියාව පුළුල් විරෝධතා රැල්ලකට මුහුණ දෙයි
ඉන්දියාව තුළ හමුදා බඳවා ගැනීමේ ක්‍රමවේදය සඳහා ආණ්ඩුව විසින් යෝජිත ප්‍රතිසංස්කරණයට විරෝධය දැක්වීමට කෝපයට පත් ජනකාය පසුගිය දින දෙක පුරා වීදි බැස තිබේ.
මෙම ක්‍රමවේදය විරැකියාවට සහ ආරක්ෂාව අඩාල වීමට හේතු විය හැකි බව විවේචකයන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රොයිටර් වාර්තා කරන පරිදි, විරෝධතා මුලින්ම නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ ඇවිලුණු අතර එතැන් සිට එය උත්තර් ප්‍රදේශ් සහ හර්යානා වැනි අසල්වැසි ප්‍රාන්තවලට ව්‍යාප්ත වී තිබේ.
ඉන්දීය පොලිස් නිලධාරීන්ට අනුව, කලබල වූ තරුණයින් මේ වනවිට රටේ පාලක පක්ෂයේ කාර්යාලයකට ගිනිතබා, දුම්රිය යටිතල පහසුකම්වලට පහරදී, දුම්රිය සහ මෝටර් රථ කිහිපයක් ගිනි තබමින්, මාර්ග අවහිර කර, වීදිවල ටයර් දල්වා ඇති බව වාර්තා වේ.
බලධාරීන් විරෝධතාකරුවන් වළක්වා ගැනීමට උත්සාහ කර ඇති අතර උතුරු හර්යානා ප්‍රාන්තයේ ජනතාව රජයේ නිලධාරියෙකුගේ නිවසකට ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පොලිසිය අනතුරු ඇඟවීමේ වෙඩි තබා ඇති බවද වාර්තා වේ.
මේ අතර, හර්යානා හි පල්වාල් දිස්ත්‍රික්කයේ, ව්‍යාකූලත්වය පැතිරීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස පළාත් පාලන ආයතන ඉදිරි පැය 24 සඳහා ජංගම දුරකථන අන්තර්ජාල ප්‍රවේශය වසා දැමීමටද යොමු වී තිබේ.


popular news
-
Asoka Friday, 17 June 2022 08:47 AM
JVP ekenda sanvidanathmakawa Ginithiyanne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

