ඉන්දියාවේ තවත් ප්‍රාන්ත දෙකක් ලොක්ඩවුන් කරයි
ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය මධ්‍යයේ ඉන්දියාවේ උතුරු ප්‍රාන්තය වන හර්යානා මැයි 3 සිට මැයි 10දා දක්වා සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයට පත්කර ඇති බව හර්යානා සෞඛ්‍ය අමාත්‍ය අනිල් විජ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
මේ අතර, ආසාදන තියුනු ලෙස ඉහළ යමින් පවතින බැවින් ඔඩීෂා ප්‍රාන්ත රජයද දින 14ක් ලොක්ඩවුන් තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බව නිවේදනය කළේය.
කෙසේ වෙතත් මෙම අගුලු දැමීමේ නීති යටතේ පෙ.ව.6.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය තුළ මිනිසුන්ට ඔවුන්ගේ නිවෙස්වල මීටර් 500ක අරයක් තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලැබෙන අතර, සති අන්තවලදී ඔවුන්ට වෛද්‍ය සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිය.
දිනෙන් දින ඉහළ යන ආසාදන සමග ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගෙවීගිය දිනයේ 392,488ක් වාර්තා වී, වසංගතයේ වඩාත් දරුණුතම දෛනික මරණ සංඛ්‍යාව ලෙස මරණ 3,689ක් වාර්තා කරමින් ඇති පසුබිමක මෙම නව නීති හඳුන්වාදී තිබේ. එමෙන්ම එරට අගනුවර වන නවදිල්ලය දැනටමත් සම්පූර්ණ ලොක්ඩවුන් තත්ත්වයක පවතී.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

