ඉන්දියාවේ උසස් පෙළ ප්‍රතිඵල ලැබූ 19ක් සියදිවි නසාගෙනලු
ඉන්දියාවේ සරසවි අපේක්ෂකත්වය ලබාගැනීමේ උසස් පෙළ විභාග ප්‍රතිඵල ලැබීමත් සමග අප්‍රේල් මැදභාගයේ සිට මේ දක්වා සිසු සිසුවියන් 19ක් සියදිවි හානි කරගෙන තිබේ.
එරට 12 වැනි ශ්‍රේණියේ විභාගය වඩාත් තීරණාත්මක කඩඉමක් ලෙස සිසුන් සැලකෙයි. කෙසේ වෙතත්, මේ ආකාරයෙන් විභාග ප්‍රතිඵල හේතුවෙන් සිසුන් සියදිවි හානිකර ගැනීම වඩාත් අවධානය යොමුකළ යුතු කරුණක් ලෙසට මේ වනවිට කතාබහ කෙරෙයි.
එහිදී, දෙම්පියන් මේ සම්බන්ධයෙන් විරෝධයක් දක්වමින් පවසා ඇත්තේ බොහෝ අවස්ථාවල අදාළ විභාග ප්‍රතිඵල වැරදියට ලකුණු කිරීම් මෙන්ම, දරුවන් අසමත් කිරීම් රැසක් වාර්තා වීමද දරුවන් මෙලෙස මනසින් කඩා වැටීමට හේතුවක් බවයි.
එමෙන්ම, තවත් අවස්ථාවල විභාගයට පෙනී සිටි සිසුන් පවා විභාගයට පෙනී නොසිට ඇති බවට දක්වා ඇති බව ඇතැම් සිසුහු පවසි.
මෙම තත්ත්වය තුළ මේ වනවිට ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය බුද්ධිමතුන්ගෙන් දැඩි විවේචනයට බඳුන්ව ඇති අතර, එය සිසුන් අනවශ්‍ය පීඩනයකට ලක්කර ඇති බව හඳුනාගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

