ඉන්දියාව විසින් පාකිස්තානයට හා පාකිස්තානය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇතැය් ප්‍ර දේශවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දියාව සඳහන් කරන්නේ පසුගිය මාසයේදී ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පෙහෙල්ගම්හි සිදුවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
නවදිල්ලිය ප්‍රකාශ කරන්නේ මෙහිදී ස්ථාන නවමයක් ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල කළත් එහිදී පාකිස්තානයේ හමුදාවන්ට අයත් ස්ථානවලට ප්‍රහාර එල්ල නොකළ බවයි. කෙසේ වෙතත් පාකිස්තාන ආරක්ෂක අංශ පවසන්නේ මෙම ප්රහාරයන්ගෙන් තමන්ගේ ආරක්ෂක ස්ථාන තුනක්වෙත ප්‍රහාර එල්ල වී ඇති බවයි.
පාකිස්තානය හා ඉන්දියාව අතර පවතින දේශසීමාවේදී පාකිස්තානය විසින් කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව ඉන්දියාව පවසයි.
ඉන්දයාව එල්ල කළ ප්‍රහාර වලින් පාකිස්තානයේ දරුවන් දෙදෙනෙක් ඇතුළු හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පාකිස්තාන ආරක්ෂක අංශ සඳහන් කරයි.
පාකිස්තානය තවදුරටත් පවසන්නේ ඉන්දීය ජෙට් යානා දෙකක් හා ඩ්‍රෝන යානාවක් පාකිස්තාන ප්‍රහාරවලින් විනාශ කළ බවයි.
