ඉන්දියාවට කොවිඩ් එන්නත් වැඩසටහන ඇරඹීමට සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නත මගපාදයි
ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කළ කොවිඩ්-19 එන්නත ඉන්දියාව විසින් අනුමත කිරීමත් සමග ලොව දෙවැනි විශාලතම ජනගහනය සහිත රටෙහි ප්‍රධාන ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයක් සඳහා මාර්ගය විවර වී තිබේ.
තොරතුරු හා ගුවන්විදුලි අමාත්‍ය ප්‍රකාශ් ජාවඩෙකර් සෙනසුරාදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ සිකුරාදා එන්නත හරිත එළියක් ලබාදීමට හැකිවූ බවය.
එක්සත් ජනපදයෙන් පසු දෙවැනි වැඩිම ආසාදන සංඛ්‍යාවක් ඇති ඉන්දියාව විසින් හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද පළමු කොවිඩ්-19 එන්නත මෙය වන අතර, එන්නත ලබාදීම සඳහා රට පුරා රට මූලික පෙරහුරුවක් ක්‍රියාත්මක කරන දිනයේදීම එය සිදුවිය.
අවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බයෝට්ක් හි කොවැක්සීන්, සයිඩස් කැඩිලා හි සයිකොව්-ඩී සහ රුසියාවේ ස්පුට්නික්-වී එම එන්නත් තුනයි.
"අවම වශයෙන් එන්නත් හතරක්වත් සූදානම් වන එකම රට ඉන්දියාව විය හැකියි" ඔහු වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

