ඉතාලිය ජොන්සන් එන්නත බෙදාහැරීම එරට අත්හිටුවයි
- 15 04 2021
- 07:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
එක්සත් ජනපදය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ්-19 මර්දන එන්නත භාවිතය අත්හිටුවීමෙන් පසුව, එම තීරණයට එලැඹි රටක් ලෙස ඉතාලියද ජොන්සන් එන්නත් මාත්‍රා 184,000ක් භාවිතය අත්හිටුවා ඇති බව ඊයේ (14දා) නිවේදනය කළේය.
එක්සත් ජනපදයෙන් නැව්ගත කරන ලද මෙම එන්නත් තොගය පෙරේදා (13දා) ඉතාලිය වෙත ළඟාවී තිබූ නමුත්, දැනට එය ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත බෙදා නොදෙන බව ඉතාලියේ කොවිඩ්-19 විශේෂ කොමසාරිස් කාර්යාලය පවසයි.
එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය කියා සිටියේ එන්නත ලැබීමෙන් පසු පුද්ගලයන් තුළ දුර්ලභ හා දරුණු රුධිර කැටි ගැසීමක් වාර්තා වී ඇති අවස්ථා 6ක් සම්බන්ධ දත්ත සමාලෝචනය කරමින් සිටින බවයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
