ඇෆ්ගන් සිසුවියන්ට ඩුබායිහි අධ්‍යාපනයටත් අවස්ථාව නෑ
තලේබාන් සංවිධානය කාන්තාවන් සඳහා විශ්වවිද්‍යාල වසා දැමීමෙන් පසු, සිය එකම බලාපොරොත්තුව විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට උපකාර වන ශිෂ්‍යත්වයක් ලබාගැනීම වුවත් මේ වනවිට එයද අවුරා ඇති බව 20 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ශිෂ්‍යාවක වන නට්කායි පවසයි.
තලේබාන් සංවිධානය ඔවුන්ට විරුද්ධ වන කාන්තාවන්ට දැඩි ලෙස පහර දී ඇත. කෙසේ වෙතත්, නට්කායි පවසන්නේ ඇයට තම මව්බිමේ විශ්ව විද්‍යාලයට යාමට ඉඩක් නොතිබුණද ඇය දිගටම ඉගෙන ගත් බවයි.
ඉන්පසු එමිරාටි ප්‍රකෝටිපති ව්‍යාපාරික ෂෙයික් ඛලාෆ් අහමඩ් අල් හබ්ටූර්ගෙන් විසින් ඇයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි විශ්වවිද්‍යාලයේ ඉගෙනීමට ශිෂ්‍යත්වයක් ලබාදෙන ලදී. නමුත් තලේබාන් සංවිධානය විසින් එය අවුරා ඇති බව වාර්තා වේ.
තලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාල තහනම් කිරීමෙන් පසු 2022 දෙසැම්බර් මාසයේදී ඇෆ්ගන් කාන්තාවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රකාශයට පත්වූ අතර, ඉන් සුළු පිරිසක් පමණක් ඩුබායි වෙත ගොස් තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

