ඇෆ්ගන් ජනපති අපේක්ෂකයෝ එක්සත් රජයක් පිහිටුවන බව කියති
ඇෆ්ගනිස්ථානයේ වත්මන් අර්බුදවලට පිළිතුරු සෙවීම සඳහා එක්සත් රජයක් පිහිටුවීමට පසුගිය මැතිවරණයේ ප්රධාන පාර්ශ්ව දෙක එකඟ වී ඇති බව ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී පවසයි.
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ ප්රධාන අපේක්ෂකයන් දෙදෙනා වූ අෂ්රෆ් ඝානි සහ අබ්දුල්ලා අබ්දුල්ලා පසුගිය ජූනි මස පැවති මැතිවරණයේ ප්රතිඵල සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා නගමින් සිටියහ.
කෙසේ වෙතත්, ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරීගේ මැදිහත්වීමෙන් පසුව ඔවුන් දෙදෙනා එක්සත් රජයක් පිහිටුවීම සඳහා එකඟත්වය පළ කර තිබේ.
අපි එකඟත්වයකින් යුතුව ජාතික එක්සත් රජයක් පිහිටුවනවා. මැතිවරණ ප්රචාරණ සමයේ අප බෙදීසිටියාට වඩා අද අප එක්වී සිටීම වඩාත් සුවිශේෂීයි යනුවෙන් ඝානි පවසා සිටියේය.
ජෝන් කෙරී මැතිවරණයෙන් පසු අවස්ථා දෙකකදී මේ ආකාරයෙන් දෙපාර්ශ්වය සමග සාකච්ඡා කිරීමෙන් පසු අවසානයේ මෙම එකඟත්වය ඇතිවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

