ඇස්ට්‍රාසෙනෙකා සති 12ක පරතරය වඩාත් හොඳයිලු
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත පිළිබඳ සිදුකළ නවතම අධ්‍යයනයකට අනුව එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ප්‍රමාද කිරීමට එක්සත් රාජධානියේ රජය ගත් තීරණයට සහාය ලබා දී තිබේ.
ඒ අනුව සති 12ක් හෝ ඊට වැඩි කාල පරාසයක් තුළ ලබා දුන් සම්මත මාත්‍රා දෙකකින් පසුව එන්නතෙහි කාර්යක්ෂමතාව 81.3%ක් බවත්, සති හයකට වඩා අඩු පරාසයක් තුළ ලබා දුන් විට මෙය 55.1%ක් බව අධ්‍යයන දත්ත පෙන්වා දී ඇත.
වයස අවුරුදු 55 ට අඩු සහභාගිවන්නන්ගේ ප්‍රතිශක්තිකරණ අධ්‍යයනයන් මගින් පෙන්වා ඇත්තේ, සති හයකට වඩා අඩු කාල පරතරයක් ඇති අයට වඩා අවම වශයෙන් සති 12 ක මාත්‍රා පරතරයක් ඇති අයගෙන් ප්‍රතිදේහ ප්‍රතිචාර දෙගුණයකටත් වඩා වැඩි බවය.
ඒ අනුව එන්නත් මාත්‍රා පරතරය සති 12 දක්වා දීර්ඝ කිරීමේ එක්සත් රාජධානියේ ප්‍රතිපත්තියට සහ ලොව පුරා වේගවත් මහජන ප්‍රතිශක්තිකරණ ව්‍යාපාර සඳහා එය බෙහෙවින් අවශ්‍ය සාක්ෂි සපයා ඇති බව කියැවෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

