ඇස්ට්‍රාසෙනෙකා ලබාදීම ඩෙන්මාර්කය අත්හරියි
- 15 04 2021
- 07:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
තමන් තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත භාවිත නොකරන බව ඩෙන්මාර්කයේ සෞඛ්‍ය අධිකාරිය ඊයේ (14දා) නිල වශයෙන් නිවේදනය කළේය.
දුර්ලභ නමුත් බරපතළ අතුරු ආබාධ ඇති බවට සැකකිරීම හේතුවෙන් මෙම එන්නත් මාත්‍රා අත්හැර දැමූ පළමු වැනි යුරෝපීය රට බවට ඩෙන්මාර්කය මේ සමග පත්විය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත නොමැතිව කොවිඩ්-19 වෛරසයට එරෙහිව අනෙකුත් එන්නත ලබාදීමට ඩෙන්මාර්ක සෞඛ්‍ය අධිකාරිය තීරණය කර තිබේ.
රුධිර කැටි ගැසීම් වාර්තා වීමෙන් පසු මාර්තු මාසයේදී එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවූ යුරෝපයේ පළමු රටවල් කිහිපය අතරද ඩෙන්මාර්කය විය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
