ඇමෙරිකාවේ විවෘත වෙඩි තැබීමකින් ජීවිත හානි 3ක්
ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.
සැකකරු පිරිමි පුද්ගලයෙකු බවත්, ඔහු මුලින්ම එක් කාන්තාවකට වෙඩි තබා ඇති අතර, පසුව එම කාන්තාවගේ උදව්වට පැමිණි තවත් කාන්තාවන් හතර දෙනෙකුට වෙඩි තැබූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාන්ත පොලීසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. කෙසේ වෙතත් මෙවැනි විවෘත වෙඩි තැබීම් ඇමෙරිකාව තුළ සුලභ දසුනක් වන අතර, ගිනිඅවි පාලනය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කතාබහ කෙරුණද එහි සාධනීය තත්ත්වයක් දැකගත නොහැකි විය.


popular news
-
Kumar Friday, 05 November 2021 01:10 AM
Californiyawe api inn nagrayata yabada nagaraye samadama, wediwadimen marana siduwenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

