ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 16,500 සීමාවට
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 මරණ මේ වනවිට 16,478ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.
මේ දක්වා වැඩිම කොවිඩ්-19 මරණ වාර්තා වන ඉතාලියේ මරණ 18,279ක් වාර්තා වන අතර, දෙවැනි තැනට ඇමෙරිකාව පත්ව ඇත්තේ මරණ 16,478ක් සමගිනි. ස්පාඤ්ඤයද මේ වනවිට මරණ 15,447ක් වාර්තා කරමින් තෙවැනි තැන රැඳී සිටියි. සිව්වනුව ප්‍රංශයේ කොවිඩ්-19 මරණ 12,210ක් වාර්තා වන අතර, පස්වනුව මහා බ්‍රිතාන්‍යයෙන් මරණ 8,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙයි.
එමෙන්ම ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සිටින රට ලෙස ඇමෙරිකාවේ මේ වනවිට ආසාදිතයන් 461,467ක් වාර්තා වෙයි.
මේ දක්වා වැඩිම කොවිඩ්-19 ආසාදිත රට ලෙස ඇමෙරිකාවට පසුවන විට එහි දෙවැනි තැන, ආසාදිතයන් 153,222ක් සමග ස්පාඤ්ඤය ගෙන තිබේ. තෙවැනි තැනට ආසාදිතයන් 143,626ක් සමග ඉතාලිය පැමිණ ඇත. එමෙන්ම සිව්වැනි හා පස්වැනි තැන පිළිවෙළින් ආසාදිතයන් 118,000ක් ඉක්මවමින් ප්‍රංශයෙන් සහ ජර්මනියෙන් වාර්තා වෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

