ඇමෙරිකාවේ කොවිඩ් මරණ 225,000ක සීමාව පසු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 225,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අද (26දා) උදෑසන වාර්තා කළේ මරණ 225,215ක් වාර්තා වී ඇති බවය.
ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වන රාජ්‍ය ලෙස එරට වෛරසය ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 8,633,194ක් ලෙස මේ වනවිට දැක්වෙයි. විශේෂයෙන්ම පසුගිය කාලයේදී එරට ආසාදනවල යම් අඩුවක් දක්නට ලැබුණද, සීත සෘතුවේ ආරම්භය සනිටුහන් වන මෙම කාලයේ යළිත් ආසාදනවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
මේ දක්වා එරට සමස්ත සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 3,422,878ක් ලෙස සටහන් වන අතර, ආසාදිතයන් ඉහළ යෑමට සාපේක්ෂව ඇමෙරිකාව සුවය ලැබී අතින් යම් පසුබෑමක සිටියි.
අවශ්‍ය මොහොතේ කඩිනම් පියවර නොගැනීම, නිසි නායකත්වයක් නොදීම, මධ්‍යගතව ජනතාව වෙත නිසි තොරතුරු ලබාදීමක් සිදු නොකිරීම, වෘත්තීය පළපුරුද්ද ඇති විශේෂඥයන්ගේ සහාය ලබා නොගෙන ඔවුන් මුල්ලට තල්ලු කිරීම සහ වසංගතයට ඕනෑ ආකාරයට පැතිරීමට ඉඩදී බලා සිටීම යන ට්‍රම්ප් පරිපාලනයේ දැඩි දුර්වලතා මෙම ඛේදවාචකයකට හේතු විය. මෙය ලොව බොහෝ රටවලට පාඩමකි.


popular news
-
Kumar Monday, 26 October 2020 09:09 PM
In the US., the president had made the basic CDC guidelines a political issue. So most republicans don't want to follow the rules. Intelligent people follow the guidelines by wearing masks when in public and social distance when necessary.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

