ඇමෙරිකාවට ස්වභාවික විපතක්
ඇමෙරිකාවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙක්සාස් ප්රාන්ත හරහා හමාගිය ප්රබල ටෝර්නේඩේ සුළි කුණාටුවක් හේතුවෙන් නගර රැසක් සුන්බුන් ගොඩක් බවට පත්කර තිබේ.
එමෙන්ම, මෙම ටෝර්නේඩෝ බලපෑමෙන් පුද්ගලයන් 26දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක වූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
EF-4 ටෝර්නේඩෝවක් ලෙස මෙය සැලකෙන අතර, එහි සුළං වේගය පැයට කිලෝමීටර් 265 - 320ත් අතර වෙයි. මෙය නිවාස ගොඩනැගිලි විනාශ කළ හැකි, මෝටර් රථ අහසේ පා කළ හැකි තරමේ ප්රබල සුළි කුණාටුවකි.
මියගිය අය අතරින් වැඩිම පිරිස මිසිසිපි ප්රාන්තයෙන් වාර්තා වී ඇති අතර, හානි වූ බොහෝ ස්ථාන ඇමෙරිකාවේ අඩු වරප්රසාදලත් කළු ජාතික ප්රජාව වැඩි වශයෙන් ජීවත් වන ප්රදේශයක් බවද කියැවෙයි.

popular news
-
Kumar Sunday, 26 March 2023 02:52 PM
americawe ema pranthawa saama wasarakama suli kunatu hamanawa. esay siduvunath ema niwasa nawath hadanawa. pasugiya sathiye los angeles nurata sathapum 5 pamana pradeshayaka suli kumnatu dekak athi vuna. California pranthe sulikunaatu athiwenney bohoma kalathurakin
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

