ඇමෙරිකාවට රුසියාවේ හැසිරීම තේරෙන්නේ නෑ
ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඔහුගේම හමුදාව විසින් නොමඟ යවන ලද බවට කරන ප්‍රකාශවලින් ඔප්පු වන්නේ එක්සත් ජනපදය රුසියාව ගැන සැබවින්ම දන්නේ කෙතරම් අල්ප මාත්‍රයක්ද යන්න පැහැදිලි වන බව ක්‍රෙම්ලීනය පවසයි.
යුක්රේනයේ රුසියානු හමුදාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පූටින්ට සත්‍යය කතා කිරීමට නිලධාරීන් බිය වන බව ධවල මන්දිරය සහ පෙන්ටගනය යෝජනා කිරීමෙන් පසුව ක්‍රෙම්ලීනයේ මෙම ප්‍රතිචාරය ලැබුණි.
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ උපදේශකයන් ජනාධිපතිවරයා නොමඟ යවා ඇති බවට කරන ප්‍රකාශයන් හාස්‍ය දනවන බවයි.
"මින් පෙනී යන්නේ, ක්‍රෙම්ලිනයේ සිදුවෙමින් පවතින දේ පිළිබඳ සැබෑ තොරතුරු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට හෝ පෙන්ටගනයට වාර්තා වන්නේ නැහැ. ඔවුන් හුදෙක් ජනාධිපති පූටින්ව තේරුම් ගෙනත් නෑ. තීරණ ගැනීමේ යාන්ත්‍රණය ඔවුන්ට නොතේරෙන අතර, අප කරන කාර්යය තේරුම් ගන්නත් ඔවුන්ට බෑ" ඔහු පැවසීය.
ප්රකාශකයාට අනුව, "කෙසේ වෙතත් එය කනගාටුවට කරුණක් පමණක් නොව, කනස්සල්ලද මතු කරනවා. මන්දයත් එවැනි අවබෝධයක් නොමැතිකම නරක ප්‍රතිවිපාක සහිත වැරදි, හදිසි තීරණවලට තුඩුදෙන නිසයි." පෙස්කොව් වැඩිදුරටත් පැවසීය.


popular news
-
Kumar Saturday, 02 April 2022 01:16 AM
ummaththakayekuge kriya kalaapa kenekuta thearum ganna bari kathawa aluthdeyakda. Rusiyawata kisimawaradak nokara pahara ella karanne mona booruwada.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

