ඇමෙරිකානු රෝහල්ගතවීම් මාස 8කින් ඉහළම අගයට
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල්වල කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 100,000ක් ඉක්මවා ඇති අතර, එය මාස 8ක් තුළ වාර්තා වූ ඉහළම අගය වන බව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව පවසයි.
අද (27දා) උදෑසන ප්‍රකාශයට පත් කළ දත්තවලට අනුව, කොවිඩ්-19 රෝගීන් 101,433ක් රෝහල් ගත කර ඇත.
පසුගිය මාසය තුළ එක්සත් ජනපදයේ කොවිඩ්-19 රෝහල් ගත කිරීම් දෙගුණයකටත් වඩා වැඩි වී තිබේ. රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්තවලට අනුව පසුගිය සතිය තුළදී කොවිඩ්-19 රෝගීන් 500කට අධික සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් පැයකට රෝහල්වලට ඇතුළත් කර තිබේ.
එක්සත් ජනපදය මෙම වසරේ ජනවාරි 14දා කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ රෝහල් ගත කිරීම්වල සිය උපරිම මට්ටමට පැමිණියේ 142,000කට අධික ආසාදිත රෝගීන් පිරිසක් රෝහල් ඇඳන් තුළ සිටියදීය.
කෙසේ වෙතත් 2021 මුල් භාගයේදී එන්නත් කිරීමේ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙත්ම, ජුනි මස අග භාගයේදී රෝහල් ගතවීම පහත වැටී 2021 හි අවම අගය ලෙස රෝගීන් 16,000ක් වාර්තා විය. කෙසේ වෙතත්, ඩෙල්ටා ප්‍රභේදය ඇමෙරිකාවේ ආධිපත්‍ය ගැනීමත් සමග කොවිඩ්-19 රෝගීන් රෝහල්ගත කිරීම ජූලි මාසයේදී හදිසියේම ඉහළ ගියේය. එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රාන්ත නවතම වසංගතයේ කේන්ද්‍රස්ථානය වන නමුත් රට පුරා රෝහල්ගත වීම ඉහළ යමින් පවතී.
එරට එන්නත්කරණය මුලින් වේගවත් වුවද, පසුව එන්නත්කරණයට ජනතා උනන්දුව අඩුවීම මෙන්ම, මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වන මුඛ ආවරණ පැලඳීම ආදී නීති ඉවත් කරමින් ජනතාවට රිසිසේ රැස්වීමට අවස්ථාව ලබාදීමද අනතුර තීව්ර කළේය.




popular news
-
Kumar Saturday, 28 August 2021 07:57 PM
Oya kiyanna wadipura buyiyo in dakune thibena prantha ganayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

