ඇමෙරිකානු මරණ ලක්ෂ 2යි මෙය ලැජ්ජාවක් -ට්‍රම්ප් කියයි
එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා ගිය පුවත ඇසූ ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, "හොඳයි, මම හිතන්නේ එය ලැජ්ජාවට කරුණක්" යනුවෙනි.
මරණ සංඛ්‍යාව 200,000ක් පසුකිරීම සම්බන්ධයෙන් වූ සංවාදයට පිළිතුරු ලබාදෙනවා වෙනුවට, චීනයට දොස් පැවරූ ට්‍රම්ප්, තමා පියවර නොගත්තේ නම් මරණ සංඛ්‍යාව ඊටත් වඩා නරක විය හැකිව තිබුණේ යැයි කියා සිටියේය.
"මම හිතන්නේ අපි එය නිසියාකාරව කළා. එය නිවැරදිව නොකළේ නම් ඔබට මිලියන දෙකහමාරක මරණ බලාපොරොත්තු වෙන්න තිබුණා. ඔබ විකල්පය දෙස බැලුවහොත්, මරණ මිලියන දෙකහමාරක්." ට්‍රම්ප් අඟහරුවාදා ධවල මන්දිරයෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
"මගේ එක්සත් ජාතීන්ගේ කථාව ඔබ දුටුවා නම්, චීනය එය ඔවුන්ගේ දේශ සීමාවේ නතර කළ යුතුව තිබුණා. ඔවුන් කිසි විටෙකත් මෙය ලොව පුරා ව්‍යාප්ත වීමට ඉඩ නොදිය යුතුව තිබුණා. එය භයානක දෙයක්." ට්‍රම්ප් කීවේය.
ඇමෙරිකානු නායකයා තවදුරටත් කියා සිටියේ තමා රට වසා නොදැමුවේ නම් මිලියන 3 කට වඩා මිය යා හැකිව තිබූ බවය.
"ඒක භයානක දෙයක්. කවදාවත් සිදු නොවිය යුතුව තිබුණු දෙයක්. චීනය මෙය සිදුවීමට ඉඩ හැරියා. එය මතක තබා ගන්න" ට්‍රම්ප් තවදුරටත් පැවසීය.

popular news
-
සඳුන් Wednesday, 23 September 2020 11:04 AM
එකෝමත් එක රටක හිටපු ජනාධිපතිවරයෙකුත් ඔය වගේ කතා කියල තියෙනවලු ..... එයා නම් ලැජ්ජාව කියල දෙයක් දන්නෙවත් නැතුව ඇති ....
Reply : 0 0
Kumar Friday, 25 September 2020 09:53 PM
I wonder who gave that story I thought he said "so what, more would have died if I didn't do anything about it". He said he is going to approve a vaccine bypassing the Federal Drug Administration before November 3, election. I hope that Trump step forward and take the first shot to show the population that the vaccine he approved is safe.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

