ඇමෙරිකානුවන්ට කොවිඩ් එන්නත් ප්‍රමුඛතාව ලබාදීමට ට්‍රම්ප්ගෙන් විධායක නියෝග
කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් වෙනත් ජාතීන්ට නැව්ගත කිරීමට පෙර, ඇමෙරිකානුවන්ට ලබාදීමේ ප්‍රමුඛතාව අරමුණු කරගත් විධායක නියෝගයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (08දා) අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කර තිබේ.
ට්‍රම්ප් අද ධවල මන්දිරයේ පැවැත්වෙන එන්නත් සමුළුවකදී මෙම නියෝගයට අත්සන් කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
"පරිපාලනයේ සහ වත්මන් ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාව පළමු දිනයේ සිටම ඇමෙරිකාවට මුල් තැන දීමයි. මෙම විධායක නියෝගය යළිත් අවධාරණය කරන්නේ, ඇමෙරිකානු ජනතාවට නොමිලේ, ආරක්ෂිත සහ ඵලදායී කොවිඩ් එන්නත් ලබාගැනීම සහතික කිරීමට අපි කටයුතු කරන බවයි." යනුවෙන් ධවල මන්දිර බලධාරීන් පැවසීය.
"ඇමෙරිකානු ජනතාවගේ එන්නත් අවශ්‍යතා සපුරාලීමේ හැකියාව අප විසින් සහතික කළ පසු, කෝවිඩ් එන්නත් සඳහා ජාත්‍යන්තර ප්‍රවේශයට පහසුකම් සැලසීම එක්සත් ජනපදයේ අභිලාෂය වනු ඇති. ඒක තමයි අපි කරන්නේ. විධායක නියෝගයද ක්‍රියා රාමුවකින් සමන්විත වන අතර, එමගින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ක්රියාකාරිත්වයට මාර්ගෝපදේශ සපයනවා." බලධාරීන් වැඩිදුරටත් පැවසීය.
එන්නත් බෙදාහැරීම ආරම්භ වූ පසු, ඇමෙරිකාවට ප්‍රමාණවත් තරම් එන්නත් ප්‍රමාණයක් නොතිබෙනු ඇතැයි යන බිය මෙම විධායක නියෝගයෙන් ඉවත්වනු ඇතැයි අපේක්ෂා කර තිබේ.


popular news
-
Kumar Tuesday, 08 December 2020 10:21 PM
This executive order is only good as the paper its written on. He is playing to his base. By the way he is signing that order today. Nothing new will happen.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

