ඇමසන් ගිනි පාලනයට බ්‍රසීලයේදී වගාව සඳහා භූමිය ගිනිතැබීමට බෑ
ඇමසන් වනාන්තරය ආශ්රිත ලැව්ගිනි පාලනය තවදුරටත් අසීරු වී ඇති නිසා වගාවන් සඳහා භූමිය ගිනි තැබීම දින 60ක කාලයක් සඳහා තහනම් කිරීමට බ්‍රසීල රජය අවසානයේදී තිරණය කර තිබේ.
මෙම ගින්න ඇතිවීමට මෙන්ම, එය ඇතිවූ පසුව කඩිනමින් ඊට පිළියම් නොයෙදීමට කටයුතු කළේ යැයි බ්‍රසීලය තුළ සහ ජාත්‍යන්තර වශයෙන්ද චෝදනාවට ලක්ව ඇති එරට ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ අදාළ නීති කෙටුම්පතට අත්සන් යොදා තිබේ.
මේ අතර, බ්‍රසීලයේ ප්‍රබල පරිසරවේදියෙකු කියා සිටියේ මෙම ලැව්ගිනිවල අතිශය දරුණු තත්ත්වය ඉදිරියේදී තවදුරටත් දැකගත හැකිවනු ඇති බවයි.
මේ අතර, ඇමසන් වනාන්තරය ආශ්‍රතිව පැතිර යන ලැව්ගිනි පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැනීමට දකුණු ඇමෙරිකානු රාජ්‍යයන්ගේ නායකයන්ද ලබන සතියේදී හමුවක් පැවැත්වීමට සූදානම් වෙයි.
මේ අතර, දැනට පනවා ඇති තහනම වාර්තාගත ලෙස පැතිරයන ලැව්ගිනි තත්ත්වය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන බවට බ්‍රසීල පරිසරවේදීහු චෝදනා නගති.



popular news
-
indika Friday, 30 August 2019 03:42 PM
මොන විහිලුවක්ද? අප්‍රිකානු අලියෙක් ඇමසන් වනයේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

