ඇමෙරිකානු දේශපාලන ප්රවාහයේ රුසියානු සයිබර් ප්‍රහාරයට වැට බඳී
ඇමෙරිකානු මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම්වලට එරෙහිව රුසියාව එල්ල කිරීමට උත්සාහ කළ සයිබර් ප්‍රහාර වැළැක්වීමට හැකි වූ බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.
ඉන්ටර්නැෂනල් රිපබ්ලිකන් ඉන්ස්ටිටියුට් සහ හඩ්සන් ඉන්ස්ටිටියුට් ආදී ආයතන ඇතුළු දේශපාලන ආයතන වෙතින් දත්ත සොරා ගැනීමට රුසියානු හැකර්කරුවන් උත්සාහ කර ඇති බව එම සමාගම පෙන්වා දෙයි.
එහිදී, මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංග ආරක්ෂණ අංශ විසින් මොවුන්ගේ ව්‍යාජ වෙබ් අඩවි හයක ඩොමෙයින් පාලනය සියතට ගැනීමට කටයුතු කර තිබේ.
මෙම දැවැන්ත සමාගම පෙන්වා දෙන්නේ ෆැන්සි බෙයාර් හැකර් කණ්ඩායම මෙම ප්‍රහාර පසුපස සිටින බව තහවුරු කරගෙන ඇති බවයි.
මෙම හැකර් කණ්ඩායම් බොහෝ අවස්ථාවල ව්‍යාජ ස්වරූපයෙන් පෙනී සිටිමින් ඒවායේ ක්‍රියාකාරීත්වයට අවනත වීමත් සමග එම පරිගණකවලට පිවිස ඒවායේ වූ සියලු රහස්‍ය දත්ත සොරා ගන්නා බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු මැතිවරණ සමයේදී රුසියානු හැකර් කණ්ඩායම් ඊට අතපෙවීමක් සිදුකළ බවට වූ ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

