ඇන්ටොනොව් හමුදා යානයක් කඩා වැටී සිව් දෙනෙකු මරුට
කසකස්තානයේ විශාලතම නගරය වන ඇල්මාටි වෙත ගොඩබැසීමට උත්සාහ කරමින් සිටියදී ඇන්ටොනොව්-26 වර්ගයේ හමුදා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.
"මූලික දත්තවලට අනුව, පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බවත්, තුවාල ලැබූ දෙදෙනෙකු ළඟම ඇති රෝහල වෙත යවා ඇති බවත් වාර්තා වෙනවා" එරට හදිසි ආපදා කටයුතු පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
මෙම හමුදා ගුවන් යානය නූර්-සුල්තාන් අගනුවර සිට අල්මාටි වෙත ගමන් කරමින් සිටි බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
අල්මාටි ගුවන්තොටුපළට ගොඩබෑමේ ප්‍රවේශය අතරතුර ඊයේ (13දා) එරට වේලාවෙන් රාත්‍රී 11: 20ට ගුවන් යානය සමග සන්නිවේදනය නතර වී ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් නිගමනය කර නොමැති බවද පවසයි.
මෙම යානය කසකස්තානයේ දේශසීමා ආරක්ෂක ඒජන්සියට අයත් හමුදා යානයක් බව කියයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
