මැද පෙරදිග යුධමය තත්ත්වයත් සමගින් මෑත දිනවලදී දැවැන්ත අස්ථාවරත්වයකින් පසුව බදාදා දින වන විට තෙල් මිල බොහෝ දුරට ස්ථාවර වීමට පටන්ගෙන තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය වෙළඳාම් කරන බොරතෙල් බැරලයක මිල දැනට ඩොලර් 83.35 (£62.06) ක් වන අතර
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 87.88 ක් පමණ විය. සඳුදා ඩොලර් 120 කට ආසන්න මිලකට ඉහළ ගිය පසුමෙමෙසේ දින දෙකක් තුළ ඉන්ධන මිල පහළගොස් තබේ.
කෙසේ වෙතත් ලෝක බෙරතෙල් මිල තවමත් මැදපෙරදිග යුධමය තත්ත්වය ආරම්භවීමට පෙර පැවැති අගයට වඩා බොහෝ සෙයින් ඉහළ ගොස් තිබේ. .ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජිකයෙකු ද මිල පහත හෙලීම සඳහා තෙල් සංචිත මුදා හැරීමේ සැලැස්මක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින නමුත් කිසිදු තීරණයක් ගෙන නොමැත.
ආසියාවේ කොටස් වෙලඳපොලවල් ද බදාදා මුල් වෙළඳාමේදී ඔවුන්ගේ ප්‍රකෘතිමත් වීම සිදුවූ අතර දකුණු කොරියාවේ කොස්පි දර්ශකය 2.5% කින් ඉහළ ගොස් ඇති අතර ජපානයේ නිකේයි 225 2% කින් පමණ ඉහළ ගොස් තිබේ.