ආසාදිතයන් වැඩි පරීක්ෂණ වැඩි නිසයි, මම පරීක්ෂණ අඩු කරන්න කීවා - ට්‍රම්ප්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 පරීක්ෂාව දෙපැත්ත කැපෙන කඩුවක් ලෙස හැඳින් වූ අතර, පරීක්ෂණ වැඩි කිරීම නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩිවීමට හේතු වන හෙයින් 'පරීක්ෂණය මන්දගාමී කරන්න' යැයි තමන් පරිපාලනයට දැන්වූ බව කියා සිටියේය.
ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා හි පැවති සිය ප්‍රථම ජනාධිපතිවරණ රැලිය අමතමින් ඇමෙරිකානු නායකයා මෙම අදහස් පළ කළේය.
"ඔබ පරීක්ෂණ වැඩි කරන විට, ඔබ වැඩි පිරිසක් සොයා ගන්නවා. ඔබ තවත් සොයා ගන්නවා. ඒ නිසා පරීක්ෂණ මන්දගාමී කරන්න කියා මගේ පරිපාලනය මම කරුණාකර කියා සිටියා. ඔවුන් පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරනවා. ඒත් සිදුවන්නේ කුමක්දැයි ජනතාව නොදන්නා පරීක්ෂණ අප සතුව තියෙනවා." ට්‍රම්ප් සඳහන් කළේය.
ඔහු මෙම අදහස් දැක්වීම සිදුකරන්නේ ඇමෙරිකාවේ ඔක්ලහෝමා ඇතුළු ප්‍රාන්ත රැසක නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩිවීමක් අත්විඳිමින් සිටින අවස්ථාවකදීය. එහිදී මේ වනවිට හමුවන ආසාදිතයන් පරීක්ෂණයන්ද අභිභවා යන බව විශේෂඥයන් පෙන්වා දෙයි.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත විශ්ලේෂනයට අනුව බ්‍රහස්පතින්දා වනවිට අවම වශයෙන් ප්‍රාන්ත 21ක සතියක් තුළ නව ආසාදිතයන්ගේ සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.
ඔක්ලහෝමා ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, සෙනසුරාදා දහවල් වන විට, ප්‍රාන්තයේ නව ආසාදිතයන් 2,206ක් හමුව ඇති අතර, එය වසංගතය ආරම්භයේ සිට මේ දක්වා වැඩිම ආසාදිතයන් පිරිසක් ප්‍රාන්තයෙන් හමුවූ අවස්ථාවයි.
මෙම සතිය මුලදී වෝල්ට් ස්ට්‍රීට් ජර්නලය සමග සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් විසින් කොරෝනා පරීක්ෂාව අධි තක්සේරුවක් ලෙස හැඳින්වූ අතර, එය රට නරක යැයි පවසා සිටියේය.
ට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ මන්දගාමී කරන බව කීවත් ඔහුගේ පරිපාලන නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ට්‍රම්ප් පැහැදිලිවම විහිළු සපයන බවකි.
"ඔහු පැහැදිලිවම විහිළු සපයනවා. අපි ලොව ප්රමුඛ පෙළේ පරීක්ෂණවල යෙදී සිටින අතර මිලියන 26ක් ඉක්මවා මේ වනවිට පරීක්ෂණ සිදුකර තිබෙනවා." අදාල නිලධාරියා කියා සිටියේය.


popular news
-
Deepal Nirosh Sunday, 21 June 2020 10:52 AM
ඇත්ත, කිසිම පරීක්වෂාවක් නො කර හිටියා නම් කිසිම කොරෝනා රෝගියෙකුත් හමුවෙන්නෙ නැහැ. වාර්තාගත රෝගීන් ශුන්‍ය කර ගැනීමේ හොඳම ක්‍රියාමාර්ගයයි ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කරල තියෙන්නෙ. දැන් අපි බලමු ලංකාවේ මේ දේශපාලන පොරොන්දුව දෙන්නෙ කවුද කියා.
Reply : 9 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

