අවයව පරිත්‍යාග කිරීමේ නීති ස්විට්සර්ලන්තය වෙනස් කරයි
- 15 05 2022
- 21:10
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
යමෙකුගේ මරණයෙන් පසුව බද්ධ කිරීම සඳහා ඔහුගේ හෝ ඇයගේ අවයව ගැනීමට කැමතිද, අකැමැතිද යන්න විමසා ස්විටර්සර්ලන්තයේ පැවති ජනමතවිචාරණයේදී ඊට කැමති බවට එකඟව බහුතර මතය ප්‍රකාශ වී තිබේ.
රජයේ පිටුබලය ලත් පියවර ස්විට්සර්ලන්තයේ දළ වශයෙන් 60%ක් විසින් අනුමත කරන ලද අතර, සුදුසුකම් ලත් සියලුම ඡන්දදායකයින්ගෙන් සියයට 40%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් මෙම නව නීති වහාම බලාත්මක නොවනු ඇති බව කියයි. මන්ද රජය විසින් මෙම වෙනස පිළිබඳව සියලුම පුරවැසියන් තවමත් දැනුම්වත් යන්න විශ්වාස නොකරන බැවිනි.
කෙසේ වෙතත් නව නීති බලාත්මක වුවහොත්, එය අදාළ වන්නේ වයස අවුරුදු 16 සහ ඊට වැඩි අයට පමණක් වන අතර, ඉන්ද්රියයන් ලබා ගන්නේ දැඩි සත්කාර ඒකකයේ මිය ගිය සහ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් මියගිය බව තහවුරු වූ රෝගීන්ගෙන් පමණක් බව කියයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
