අපේ සාමාජික රටකට පිළිගත නොහැකි ලෙස සලකළා - EU
ඔස්ට්‍රේලියාව විසින් බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් න්‍යෂ්ටික සබ්මැරීන ලබාගැනීම සඳහා ප්‍රංශය සමග පැවති කොන්ත්‍රාත්තුව අත්හිටුවමින් ආරක්ෂක ගිවිසුමක් සාකච්ඡා කිරීම ප්‍රංශයට පිළිගත නොහැකි ආකාරයෙන් සැලකීමක් බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් චෝදනා කරයි.
ඇයගේ සම්මුඛ සාකච්ඡාවේ උපුටා ගැනීමකට අනුව, විවෘත ප්‍රශ්න රැසකට මෙම රාජ්‍යයන් පිළිතුරු දිය යුතු බව වොන් ඩර් ලේන් පැවසීය. "අපේ එක් සාමාජික රටක් (ප්‍රංශය) වෙත පිළිගත නොහැකි ආකාරයෙන් සලකා තිබෙනවා." ඇයි වැඩිදුරටත් සඳහන් කළාය.
"මෙම හදිසි ගනුදෙනුව සිදුවීමට පෙර සුපුරුදු පරිදි සිදුවූ දෙය පැහැදිලි කිරීමට අවශ්‍යයයි" ඇය පැවසුවාය.
විශේෂයෙන්ම මෙම රාජ්‍යයන් කෙරෙහි පැවති විශ්වාසය දරුණු ලෙස බිඳ වැටීමක් කියා පාමින් මෙම ඔවුන් මෙම ආරක්ෂක ගිවිසුමට එලැඹෙන විටම, ප්‍රංශය ඔස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපදයේ සිය තානාපතිවරු යළි කැඳවමින් ඔවුන්ට දැඩි තරවටු කිරීමක්ද කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

