Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' යනුවෙන් හඳුන්වනු බලන්නේ වකුගඩුවල ගුච්ඡික පෙරණවල ඇතිවන තවත් රෝගී තත්ත්වයකි. මෙහිදී ගුච්ඡික පෙරණවල තිබෙන්නාවූ ආස්තරය පටල දැඩිලෙස හානියට පත්වේ. එනිසා එම හානි වූ පටල හරහා ලවන වර්ග මෙන්ම ප්‍රෝටීන වැනි ද්‍රව්‍යයන්ද ඉතාමත් පහසුවෙන් මුත්‍රාවලට පෙරී යයි. මෙය ඉතා බරපතල තත්ත්වයක් සිරුර තුළ නිර්මාණය කරයි.
මෙහිදී ඉතා ප්‍රමාණයක් එම ද්‍රව්‍යයන් සිරුරෙන් ඉවත්වීම නිසා මුත්රාවල තිබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඉතා ඉහල අගයක් ගනී. පැය 24ක් පුරා මුත්‍රා එකතු කර බැලූ විට සාමාන්‍යයෙන් ග්‍රෑම් තුනේ සිට පහ දක්වා ප්‍රමාණයක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් හෝ මුත්රාවල ප්‍රෝටීන් තිබිය හැක. මේ නිසාම සිදුවෙන ඊළඟ බරපතලම තත්ත්වය වනුයේ 'ලේ වල තිබෙන ප්‍රෝටීන්' අඩුවීමයි.
මෙම ප්‍රෝටීන් මගින් ඉතාමත් ඉහල කාර්යභාරයක් සිදුකරනු ලබයි. එනම් ලේවල තිබෙන ජලය ප්‍රමාණය රඳවා ගනු ලබන්නේ මෙම ප්‍රෝටීන මගිනි. යම් ලෙසකින් ප්‍රෝටීන් අඩුවූවහොත්, එමගින් ලේවල ජලය රඳවා ගැනීමේ හැකියාව අඩුවීම නිසා රුධිර වාහිනී තුළ තිබෙන තරගයන් එළියට පැමිණීමට පටයන් ගනී. මේ නිසා සිරුසර ඉදිමීම ඇතිවිය හැක. 'නෙෆ්රොටික් ස්නඩ්රෝම්' රෝගයේදී සිරුර ඉදිමීමට හේතුවන ප්‍රධාන හේතුවක් ලෙස මෙය සැලකේ.
මීට අමතරව මෙම ගේලවල තිබෙන ප්‍රෝටීන් අඩුවීමට තවත් හේතුවක් ලෙස මෙය සැලකේ. මීට අමතරව මෙම ලේවල තිබෙන ප්‍රෝටීන් අඩුවීමට තවත් හේතුවක් ලෙස මසපලකනු ලබන්නේ වකුගඩුව්ල ගුච්ඡික පෙරණ මට්ටමේදී මෙම ප්‍රෝටීන් විනාශ වීමයි. ප්‍රෝටීන් පෙරී යෑමට අමතරව මෙලෙස ප්‍රෝටීන් විනාෂ වීමද නිසා, ලේවල තිබෙන ප්‍රෝටීන් ප්රමාණ්ය බරපතල ලෙස අඩුකරයි. මේ නිසා සිරුර විසින් සිදු කරනු ලබන්නේ ප්‍රෝටීන් වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට වෑයම් කිරීමයි.
මෙම වෑයමේ ප්‍රතිඵලයක් ලෙස ඒ හා සමගම අක්මාවේදී නිෂ්පදනය උත්තේජනය වෙන්නා වූ කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් නිසා, ලේ වල තිබෙන්නාවූ කොලෙස්ටරෝල් සහ ට්රයිල්ගිසරයිට් ප්‍රමාණය වැඩිවේ. මේයද බරපතල තත්ත්වයක් නිර්මාණය කරයි. මේ නිසා ලේ කැටි ගැසීම වැඩි විය හැක. එක් පසෙකින් ලේවල තිබෙන තරල ප්‍රමාණය වැඩි වී උකු බව වැඩි වීම සිදුවියහැකි අතර, තවත් පසෙකින් කොලෙස්ටරෝල් ප්‍රමාණය අධික ලෙස වැඩිවේ. මෙය රුධිර කැටි ගැසීම ඇති කිරීමට හේතුවක් වේ.
එනිසා ක්‍රමානුකූලව සිරුරෙහි තිබෙන පද්ධතීන්ගේ වෙනස්වීම් එකක් පසු පස එකක් සිදු වෙනමින් ඉතා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කරනු ලබයි. එමෙන්ම ලේවල තිබෙන්නාවූ ලබන වර්ග, තරල සමග ලේ වලින් පිටතට පැමිණ ඉදිමුම ඇති කරන විට වකුගඩුවගදී තවත් පද්ධතියකත් මගින් වැඩි වැඩියෙන් වකුගඩුවේ තිබෙන නාල පද්ධතියෙන් ජලය සහ ලවණ වර්ග උරා ගැනීමට පටන් ගනී. මේ සියල්ලම ඉතාමත් සංකීර්ණ අවස්ථාවක් නිර්මාණය කර සිරුරෙහි ලවණ සහ ජලය එකතු වීම දිගටම සිදුවේ.
මෙම 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' තත්ත්වය සඳහා ප්‍රධානතම හේතුව ලෙස සලකනු ලබන්නේ 'වකුගඩු ගුච්ඡික' ප්‍රදාහයයි. මෙම 'වකුගඩු ගුච්ඡික ප්‍රදාහය' වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ඇතිවිය හැක. මෙය 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' නම් වූ තත්ත්වයට ප්‍රධාන හේතුවක් වෙන නිස ඒ සඳහා විශේෂ පරීක්ෂණ හෝ වකුගඩුවෙන් කොටසක් රැගෙන පරීක්ෂා කිරීම හෝ සිදු කරනු නොලබයි. එහෙත් වැඩිහිටි වියේදී 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' තත්ත්වය ඇති වූ විට, එය 'වකුගඩු ගුච්ඡික ප්‍රදාහය' බවට සියයට සියයක්ම ස්ථිර නොමැති නම්, වකුගඩුවෙන් කොටසක් රැගෙන 'බයොප්සි' පරීක්ෂණයක් කිරීම සාමාන්‍ය නිර්දේශයයි.
මෙම රෝගයේ ඉහත සඳහන් සියළුම දෑ සැලකිල්ලට ගත් විට, මෙම රෝගීන්ගේ ඇතිවෙන ඉතාමත් පැහිදිලි රෝග ගක්ෂණ සමූහයක් ඇත. එම රෝග ලක්ෂණ අතරින් ඉතාමත් කැපී පෙනෙන රෝග ලක්ෂණ වෙනේනේ සිරුරෙහි ඉදිමීමයි. වෙසෙසින්ම වළලු කර ආශ්‍රීතව, ලිංගික ප්‍රදේශ සහ බඩෙහි බිත්තියෙහි ඇතිවෙන මෙම ඉදිමීම ඉතාමත් හොඳින් හඳුනාගත හැක.
මීට අමතරව මුහුණේ ඇතිවන ඉදිමීම ඉතාමත් හොඳින් ඇස්වටා විද්‍යාමාන වේ. සමහර අවස්ථාවලදී බරපතල ලෙස ඉදිමීම ඉතාමත් හොඳින් හඳුනාගත හැකි. මීට අමතරව මුහුණේ ඇතිවන ඉදිමීම ඉතාමත් හොඳින් ඇස් වටා විද්‍යාමාන වේ. සමහර අවස්ථාවලදී බරපතල ලෙස ඉදිමීම පවතින විට අත්පවා ඉදිමීමට ලක්විය හැක.
මෙම රෝගය විනිශ්චය කිරීමේදී වෛද්‍යවරුන් ලෙස අප හැමවිටම සැලකිල්ලට ගන්නා තවත් කරුණක් වනුයේ ඉදිමීම ඇතිවීමට හේතුවෙන වෙනත් හේතූන් සොයා බැගීමයි. වෙහෙසින්ම හදවත් අකරණියක් තිබේදැයි සොයා බැලීම අනිවාර්ය සාධකයනක් වේ. එමෙන්ම ලේවල ඇල්බියුමින් අඩු කරන්නානූ රෝග තත්ත්වයන් තිබේදැයි සොයා බැලිය යුතුය. වෙහෙසින්ම අක්මාව ආශ්‍රිතව තිබෙන්නාවූ 'සිරෝසිරි' තත්ත්වයන් හෝ 'නිදන්ගත අක්මා අකරණියක්' හෝ තිබේ දැයි සොයා බැගීම මෙහිදී ඉතාමත් වැදගත් වේ.
මෙම රෝගීන් සඳහා සිදු කරන පරීක්ෂණ අතර ප්‍රධානතම දේ වෙන්නේ පැය විසි හතරක් පුරා මුත්‍රා එකතු කර සිදු කරනු ලබන ප්‍රෝටීන් පරීක්ෂණයයි. මෙහිදී සාමාන්‍යයෙන් එම පැය විසි හතරක් පුරා එකතු කර ගත්තා වූ මුත්රාවල ඇති ප්‍රෝටීන් ප්‍රමාණය ග්‍රෑම් තුනේ සිට පහ දක්වා අගයක් ගැනීම මෙම රෝගීන්ගේ බොහෝ විට දැකිය හැක.
ඊට අමතරව ලේ වල තිබෙන ඇල්බියුමින් ප්‍රමාණය ඉතා බරපතල ලෙස අඩුවී තිබීමද දැකිය හැක. එසේම කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වනී තිබීණමත්, මෙහිදී බහුල සාධකයකි. මීට අමතරව රෝගය ආශ්‍රිතව වෙනත් විවිධ වූ ආකාරයේ පරීක්සණ සිදු කළ හැකි අතර, ඒවා සියල්ලම විස්තරාත්මකව සාකච්ඡා කිරීම මෙහිදී අවශ්‍ය නොවේ.
මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී පළමුව සිදු කරන දෙය වෙන්නේ, රෝගියාට ඇඳ විවේකය ලබාදී, රෝගීයා ලබාගන්නා වූ ලුණු ප්‍රමාණය සීමා කිරීමයි. ඊට අමතරව ඉදිමීම අඩු කිරීම සඳහා විවිධ ආකාරයේ බෙහෙත් ලබාදී මුත්‍රා යන ප්‍රමාණය වැඩි කරනු ලබයි. එහෙත් මෙම රෝගීනේගේ අප මෙතක තබා ගත යුතු දෙය වෙන්නේ හැමවිටම මුත්‍රා ප්‍රමාණය සහ පිටවෙන හා ලබාගන්නා ජල ප්‍රමාණයන් ප්‍රවේශමෙන් සොයා බලා සමතුලිත කළ යුතු බවයි.
මීට අමතරව මෙම රෝගීන් සඳහා දෙනු ලබන ස්ථාවර ප්‍රතිකාරය බොහෝ අවස්ථාවලදී 'ප්‍රෙඩ්නිසලෝන්' නම් වූ ඖෂධයයි. මෙම ඖෂධය සිදු කරනු ලබන අතර, එය සති අටක් හෝ ඊටත් වඩා දිගු කාලයක් ලබාදී ක්‍රමානුකූලව අඩු කරනු ලබන අතර එය සති අටක් හෝ ඊටත් වඩා දිගු කාලයක් ලබාදී ක්‍රමානුකූලව අඩු කරනු ලබයි. මෙහිදී අප හැමවිටම සැලකිල්ලට ගන්නා කාරණය වෙන්නේ මෙම ඖෂධය ලබාදීමේදී ඇතිවෙන අතුරු ආබාධ පිළිබඳව සැලකිල්ලක් දැක්වීමයි.
වෙසෙසින්ම නොයෙකුත් ආකාරයේ විෂබීජ ආසාදන ඇතිවීම, මෙම ඖෂධය ලබාගැනීමේදී ප්‍රතිශක්තිය අඩුවීම නිසා සිදුවෙන දෙයකි. එහෙත් මෙය ඉතාමත් හොඳ ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිසා ලොව පුරා මෙම බෙහෙත 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' නම් වූ රෝගය සඳහා බහුලව භාවිතා කරනු ලබයි. වෙසෙසින්ම ළමුන් සඳහා මෙය ඉතාමත් බහුලව භාවිතා කරන ඖෂධයකි.
මීට අමතරව විවිධ අවස්ථාවලදී වෙනත් විවිධ බෙහෙත් වර්ග මේ සඳහා ලබා දෙනු ලබයි. එම බෙහෙත් වර්ග ලබාදීම තීරණය කරනු ලබන්නේ රෝගීයා 'ප්‍රෙඩ්නිසලෝන්' ඖෂධය සඳහා දක්වන ප්‍රතිචාරයද, රෝගියාට තිබිය හැකි 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම් ඇතිවීමට හේතුවන මූලික රෝගයේ ස්වභාවයද වැනි කරුණු සියල්ලම සැලකිල්ලට ගැනිමෙන් අනතුරුවයි.
මෙම රෝගයේදී නොයෙකුත් ආකාරටෙය් බරපතල සංකූලතා ඇතිවීමේ ඉඩකඩ පවතින නමුත්, ඒවා ඇතිවෙනු ලබන්නේ ඉතාමත් කලාතුරකින්ය. එසේ වූවද ඒවා පිළිබදව අවධානයෙන් සිටිය යුතුවේ. අප ඉහතදී සඳහන් කළ ආකාරයට ශිරාවල ඇතිවෙන්නාවූ ලේ කැටි ගැසීමේ ඉතා බරපතල තත්ත්වයකි. එමෙන්ම ප්‍රෝටීන් අඩුවීම නිසාත් ලබාදෙන 'ප්‍රෙඩ්නිසලෝන්' ඖෂධ්‍ය නිසාත් රෝගියාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුබල වීමෙන් විවිධ ආකාරයේ විෂබීජ ආසාදනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වේගයෙන් වැඩිවේ.
එමෙන්ම තවත් සමහර රෝගීන්ට තීව්ර වකුගඩු අකරණිය ඇතිවීමේ ඉඩකඩ පවතී, එහෙත් අප නැවත නැවතත් අවධාරණය කරන පරිදි, මෙම සංකූලතා ඇති වෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එ නිසා ඒවා පිළිබඳව විමසිල්ලෙන් සිටීම නිසා, ඒවා ඇතිවීම පිළිබඳව බරපතල අවදානමක් හැම රෝගියෙකුටම තිබීම අපට දක්නට නොලැබේ.
අප මෙහිදී 'තීව්ර නෙෆ්රිටික්සින්ඩ්රෝම්' සහ 'නෙෆ්රොටික් සින්ඩ්‍රොම්' ලෙස හැඳින්වූ රෝගී තත්ත්වයන් දෙක පිළිබඳව ඔබ සමග කතා කරනු ලැබුවේ වකුගඩුවේ ගුච්ඡික පෙරණ ආශ්‍රිතව ඇති වෙන්නාවූ, ඉතා බහුල වූත්, ඉතා බරපතල වූත්, රෝග දෙකක් ලෙස මෙය සලකන ලෙසයි. බොහෝ අවස්ථාවලදී 'ත්රීව්ර වකුගඩු ගුච්ඡිජක පෙරණ ප්‍රදාහය' නම් වූ රෝගය වැඩිපුරම මතු වෙන්නේ මෙම තීව්ර 'නෙෆ්රිස්සින්ඩ්රෝම්' සහ 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' යන අවස්ථා දෙකෙන් එකක් ලෙසයි.
ඒ නිසා මේ පිළිබඳ අප යම් පමණකට දැන ගත යුතු වේ. මෙම රෝග සඳහා ඉතාමත් හොඳ නිශ්චිත ප්‍රතිකාර ඇති බවද ඔබ දැනගත යුතුය. ඒ සඳහා වඩා ඉක්මන් රෝග විනිශ්චය වැදගත් වන අතර, මෙහිදී රෝගීයාගේ මුත්‍රා සමග ලේ පිටවීම, රෝගියාගේ සිරුරෙහි ඉදිමීම වැනි සාධක ඉතා ඉක්මනින් රෝග විනිශ්චය සඳහා යොමු කළ යුතු අවස්ථාවන් වේ. එනිසා මෙම තීව්ර නෙෆ්රිට්කි සින්ඩ්‍රෝම් සහ 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' යන රෝග තත්ත්වන් දෙක ඉතා ඉක්මනින් රෝග විනිශ්චය කර, ඒ සඳහා ලබාදෙන නිශ්චිත ප්‍රතිකාර රෝහල් ගත වී ලබා ගැනීමෙන් අනතුරුව රෝගය ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමේ හැකියාව ඇත.
ඉහත සඳහන් කළේ 'නෙෆ්රොටික් සින්ඩ්‍රෝම්' රෝගයේදී නම් එක්තරා විශේෂිත අවස්ථාවක් නිර්මාණය කරනු ලබයි. එනම් එම රෝගය නැවතත් වරින්වර මතුවීමේ අවදානම තිබීමයි. ඉහතදී සඳහන් කළ ගුච්ඡිජක පෙරණවල ආස්තරය පටලය විනාශ වීම නෙෆ්රොටික් සින්ඩ්‍රෝම් තත්ත්වයේදී ඇතිවන බව දැන් ඔබ දනී. මෙම ත්ත්තවය වරින්වර නැවත මතුවීමේදී නැවතත් එම ප්‍රතිකාර ලබාදීම ඉතාමත් වැදගත් වේ.
එනිසා එවැනි අවස්ථාවකදී එලෙස රෝගය මතුවීම මුලින් අවස්ථාවේදී සිදු කළ ප්‍රතිකාරයේ දූර්වල බවක් කිපසා නොවන, එය රෝගයේ ස්වභාවයක් නිසා සිදුවෙන බව මතක තබාගන්න. අප එය තේරුම් නොගතහොත් සිදුවිය හැකි බරපතල දේ වෙන්නේ වෛද්‍යවරයා පිළිබඳව හෝ ප්‍රතිකාර පිළිබඳවහෝ අපගේ විශ්වාසය බිඳී ගොස් අප වෙනත් ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීමට තිබෙන ඉඩකඩ වැඩිවීමයි.
එවිට නෙෆ්රොටික් සින්ඩ්‍රෝම් නම් වූ තත්ත්වය යම් ලෙසකින් වර්ධනය වූවහොත් එමගින් ජීවිතය පවා හානිවීමේ ඉඩකඩ පවතී. ඒ නිසා මෙම රෝගය හොඳින් පාලනය කර ගත හැකි රෝගයක් වූවද, ඒ සඳහා නියමිත ප්‍රතිකාර, නියමිත ආකාරයේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙන බවය නැවත නැවතත් අවධාරණය කළ යුතුවේ.
popular news
ඩී.එම්.එම්.කේ.කුලරත්න Monday, 19 July 2021 01:27 PM
මෙවැනි රෝගි දරුවෙක් දෙමාපියන් ලෙස අප විසින් කෙසේ කළමණාකරනය කල යුත්ද එවෙනි දරැවෙකුට දිය යුතු ආහාර තිබේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd