අපගේ පංච ඉන්ද්‍රියන් අතර ඉතාම වටිනා ඉන්ද්‍රියක් වන කන සම්බන්ධයෙන් බහුලව අතිව ගැටලු සැලකූ විට කණ ඇතුළතින් කැසීමක් සහ දියර ගැලීමක් ඇතිවීම ඇතමෙකු අසහනයට පත්කරන කරුණක් විය හැකියි. සැබවින්ම කන ඇතුළත කසන්නේ ඇයි? සමහරුන් මෙය සෙම වැඩිවීම නිසා ඇති වන ගැටලුවක් යැයි සිතා සෙම වෙනුවෙන් බෙහෙත් කරන අවස්ථාද හමුවිය හැකියි.
එමෙන්ම කනේ ඇතිවන කැසීම් ඇති විට ඔබ රුධිරයේ සීනි අධිකතාවයට ලක්ව ඇති නැතිනම් දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක්ද යන්න පළමුව විමසිය යුතුව තිබේ. එවැන්නන්ට කනේ මෙවැනි ආසාදන තත්ත්වයන් මතුවිය හැකි අතර කන කසමින් ඇතිවන මේ ආසාදන තත්ත්වයන්ට හේතුවනුයේ කනේ දිලීර හෝ බැක්ටීරියා ආසාදනයක් ඇතිවීමයි.
මෙවන් කන් කැසීමක් ඔබට වඩාත් දැඩිව පවතිනවා නම් ඔබේ වෛද්‍යවරයා හමුවීමට යාමට ප්‍රථමයෙන් ඔබගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර බලා ඒ පිළිබඳ වාර්ථාවක් රැඟෙන යාම ඔබට ප්‍රතිකාර කිරීමේදී විශේෂ පහසුවකි. එහිදි ඔබගේ දියවැඩියා තත්ත්වය නිසියාකාරව පාලනය වී නොමැති නම් වෛද්‍යවරයා ඔබ රෝහලේ නවත්වාගෙන ප්‍රතිකාර කරන්නට කටයුතු යොදනු ඇත.
මෙවැනි අවස්ථාවකදී ඔබට කණ දෙතුන් වතාවක් පිරිසුදු කරවා බෙහෙත් බිඳු දමා ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන අතර එයින් ඔබට දිනකීපයකින් කනේ කැසීම නැවතී සුවයක් ලැබෙනු ඇත. ඔබට යම් දිලීර ආසාදනයක් හේතුවෙන් කනේ කැසීම ඇතිවී යැයි නිගමනය වුණි නම් ඇතැම්විට මාසයක පමණ කාලයක් කනට දිලීර නාශක බිඳු දැමීමට උපදෙස් ලබාදීම සාමාන්‍ය දෙයකි.
ඔබේ බාහිර කන දෙස මදක් අවධානය දක්වන්න. බාහිර කන ද ආස්තරණය වි ඇත්තේ සමෙනි. සාමාන්‍යයෙන් සම බැක්ටීරියා සහ දිලිරවලට ප්‍රතිරෝධීබවක් දක්වයි. බොහෝ දෙනෙක් කන කැසීමක් ඇතිවිට යම් යම් උපකරණ යොදාගනිමින් කන කැසීම නිසා තුවාල සිදුවන්නට ඉඩ තිබේ. බොහෝ විට කන සඳහා යෙදීමට ඉතාමත් නොසුදුසු උපකරණයක් සේ සැළකෙන කොට්න් බඩ් ආදියද කන් හැඳිද මෙලෙස යොදා ගන්නා උපකරණ අතර මුල් තැනක පවතියි.
එසේ යම් යම් උපකරණ යොදා කැසීම මගින් කැසීම නිසා සම තුවාල සිදුවී ඇති අවස්ථාවකදී විෂබී ඇතුළු වී කන පැසවන්නටද යම් ඉඩ කඩක් පවතී. මේ නිසා භාහිර කනේ එවැනි ආසාදන ඇතිවීම වළක්වා ගැනීමට ඇති හොඳම ක්‍රමය වනුයේ කනට කිසිවක් ඇතුළු නොකිරීමත් කන තුවාල වන තරම් අපරික්ෂා කාරීව කැසීම වළක්වා ගනිමින් කණට කිසිවක් ඇතුල් නොකර තැබීමයි.
නමුත් කන කැසීමට බලපානු ලබන තවත් හේතු ද මෙහිදී ඔබගේ අවධානයට ලක් විය යුතුය. ඔබ දිය නාන විට කන තුළට වතුර ඇතුලුවීමද කන කැසීමට බලපානු ලබන හේතුවක් බව ඔබ දන්නවාද? බොහෝ විට මෙසේ කන කැසීමට බලපානු ලබන වතුර ඇතුළුවීම් ඔබ වැව් දියක ගඟක පොකුණ දිය නාන විට වැඩිපුරම සිදු විය හැකිය. මන්ද එවැනි ජලය හා මුසුව විවිධ බැක්ටීරියාවන්ද පැවතිය හැකි බැවිණි. ඔබ නිරන්තරයෙන් එවන් ස්ථානවලින් ස්නානය කරන්නේ නම් කන් සිදුරු වසා ගැනීම සඳහා ඉයර් ප්ලග් භාවිතකරන්න.
එමෙන්ම සාමන්‍ය ස්නානයකදී වුවත් කෙනෙකුට ඉයර් ප්ලග් ගසා ගැනීම වරදක් නොවේ. මේ අඳහා අවශ්‍ය ඉයර් ප්ලග් ඔබට ෆාමසියකින් මිලට ගත හැකිය.එසේ නැතිනම් පිරිසුදු පොල් තෙල් හෝ වැස්ලින් ස්වල්පයක් තැවරූ පුලුන් කැබැල්ලක් ගෙන දෙකන් සිදුරු වසා ස්නානය කරන්න. මෙපමණක් නොව ඔබේ හිසේ ඉස්හොරි පවතිනවා නම් එයද ඔබේ කනට යම් බලපෑමක් එක්කරනු ඇත. ඉස්හොරි පවතින්නේ ඔබේ හිසේ වූ නමුත් කනේ බාහිර සමටද එම තත්ත්වය බලපෑම් කිරීමට පුලුවන.
එම නිසා ඉස්හොරි සඳහා කිසියම් ප්‍රතිකර්මයක් යොදා එය පාලනය කරගන්න. මේ වන විට අප සමාජයේ බොහෝ දෙනෙක් විවිධ ආකාරයේ හිසකෙස් වර්ණ ගැන්වීම් සිදුකරති. ඔබත් හිසකේ වර්ණ ගැන්වීම සඳහා එවන් ඩයි වර්ග භාවිත කරන්නේ නම් කනට ඇබයක් ගසා කන වසා ගැනීමට අමතක නොකරන්න.
ඇතැම් අය කනේ ඇතිවන යම් යම් ආසාදන තත්ත්වයන්ට අත්බෙහෙත් ආදිය යොදති. කන යනු සියුම් අවයවයකි. එහි ඇතිවන විවිධ පැසවීම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම දෙයක් වන අතර ඒ සඳහා අත්බෙහෙත් යෙදීම කිසිවිට නොකළ යුතු දෙයකි. ඒ හරහා කිසියම් විෂබීජයක් කනේ ඇතිවී ඇති තුවාල තුළට ඇතුළුවුවහොත් ප්‍රශ්න තවත් දියුණු විය හැකිය. කන සම්බන්ධ ගැටලුවක් නම් ඔබ යා යුත්තේ “උගුර කන නාසය සම්බන්ධ ශල්‍ය සායනයකට බව අමතක නොකරන්න. අත්බෙහෙත් මෙන්ම තෙල් වර්ග ක්‍රීම් වර්ග ආදියත් කන තුළට නොදැමිය යුතු බවට වග බලාගන්න.
නාලිකා