වේදනා කැක්කුම් ගැන පැමිණිලි කිරීම අද බොහෝ දෙනෙකුගේ ජීවිතයේ සාමාන්‍ය අංගයක් වට පත්ව තිබේ. ඇතැම් වේදනාවන් රෝගාබාධයන්ට සම්බන්ධ නොවන අතර සිරුරට නුහුරු වෙහෙසවීමක් ඇති වූ අවස්ථාවක ඒ වෙහෙසට සිරුර දක්වන ප්‍රතිචාරයක් ලෙස දැනෙන තත්ත්වයක් බවට පත්වී තිබේ.
බාම් සහ වේදනා නාශක රූප පෙට්ටිය හරහා ඔලුවට එන්නට පටන්ගන්නේ මේ වේදනා කැක්කුම් අදවන විට එතරම්ම සුලභ තත්ත්වයක් බවට පත්ව ඇති හෙයිනි. වියපත් උදවිය මෙසේ මැසිවිලි නැගිම එතරම් අරුමයක් යැයි නොසිතුවත් කුඩා දරුවන්ද අද නිතර අතපය කැක්කුම් වේදනා ගැන පැමිණිලි කරයි. අද අප සෞඛ්‍ය පිටුවේ ආයුර්වේද ඇසින් මේ වේදනා කැක්කුම් අතර ඔස්ටියෝ ආතරයිටිස් යන බටහිර නාමයෙන් හඳුන්වන අස්ථිපර්වදාහය පිළිබඳ සාකච්ඡා කරමු.
අතීතයේ මෙන් නොව මෙකළ බොහෝ දෙනෙකු වෙහෙසවීම හා කාර්යබහුල බව සම්බන්ධයෙන් වැඩි පුර කතාකළත් මෙකළ අතීතයේ අය මෙන් ශාරිරිකව හොඳින් අත පය මෙහෙයවා දහඩිය වැගිරෙන ලෙස සහ සිරුරට හොඳින් ව්‍යායාම ලැබෙන ලෙස වැඩපල වල යෙදෙන්නේ අඩුවෙණි.
කරුණු එසේ වන විට මෙකළ තරබාරුව වැඩි පුර අත්දකින තත්ත්වයක් බවට පත්වී ලා බාල වයස්වල දරුවන්ද සන්ධි වේදනා සම්බන්ධයෙන් පැමිණිලි කරන තත්ත්වයක් ඇති වී තිබේ. මෙය දැන් තිබෙන ආහාරවල විපාකයක් යැයි සමහරු දොස් නගතත් එය ආහාරවලටම පවරා නිදොස්වන්නට හැකියාවක් නොවේ.
මෙය ඇවතුම් පැවතුම් වල පවතින ඇතැම් දෝෂයන්ද මුල් කරගත් රෝගයක් බව එහි ඇති සෘජු සත්‍යයයි. අස්ථි පර්වදාහය නැතිනම් ඔස්ටියෝ ආතරයිටිස් යනුවෙන් එයට විශේෂ නමක් වෙන්වීම තුළ මෙය වැඩිපුරම වියපත්වීම ආරම්භයේ සිට ඇතිවන රෝගයකැයි වෙන්කළ හැකිය.
ඔස්ටියෝ ආතරයිටිස් යනු සන්ධියේ ඇතිවෙන අස්ථි ප්‍රදාහයකි. නමුත් මේ සම්බන්ධයෙන් පවතින විග්රහයන් රාශියකි. අප ඒවා මොනවාද යන්න පිළිබඳවත් විමසා සිටිමු. මෙම රෝගය මැදිවියෙන් පසුව එළැඹෙන නිශ්චිත හේතු නොදත් චිරකාලී ලක්ෂණ ඇති පාරිහානික බහුසන්ධි රෝගයකැයි සැලකෙන අතර අස්ථිවල වෘද්ධිතාවයක් ඇතිවෙන සන්ධි ප්රදාහයකැයි සැළකෙයි.
සාමාන්‍යයෙන් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය අප රටේ අයට පමණක් නොව මුළු ලොව පුරාම ව්‍යාප්තව පවතින්නකි. ලෝක ජනගහණයෙන් සියයට විස්සකට පමණ මේ රෝග තත්ත්වය පවතී යැයි සැලකෙයි. අවුරුදු හතලිහකට පසු රෝගය හටගැනේ යැයි පැවසිය හැකි අතර සියයට පනහක ප්‍රමාණයෙන් අවුරුදු හැට ඉක්මවූවන්ටද සියයට හැත්තෑපහක් අවුරුදු හැත්තෑ පහ ඉක්මවූවන්ටද සියයට අනූවක් අවුරුදු අසූව ඉක්මවා යෑමේ තත්ත්වයක් පවතී.
විශේෂයෙන්ම ආර්ථවහරණයට පත් මැදි වයසේ පසුවෙන තරබාරු කාන්තාවන්ට මෙම රෝගය වැඩිපුරම වැලඳෙයි.නමුත් මෙය කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් යැයි සැළකිය යුතු නැත. එමෙන්ම එකිනෙකා විසින් නියැලෙන රැකියාවන් අනුවද මේ තත්ත්වයේ යම් යම් ලක්ෂණ දැකිය හැකිය. අප මුලින්ම කම්කරු රැකියාවන්වල නියුතු පුද්ගලයන්ට ඇතිවෙන මේ රෝගයේ ලක්ෂණ විමසමු.
මෙවැනි රැකියාවල නියුතු වූවන්ට දණහිසෙහි හා වළළුකරෙහි ද පතල් කර්මාන්තයේ නියැලෙන්නන්ට කොඳු ඇටපෙළෙහි හා දණහිසේද පා පන්දු ක්‍රීඩකයන් වැනි අයට මැණික්කටුවෙහිද මේ රෝගයේ අවස්ථා මතුවීමට ඉඩ තිබේ. එමෙන්ම සුදු ජාතිකයන් සම්බන්ධයෙන් සලකන කළ ඔවුන්ට උකුළු සන්ධියේ මේ තත්ත්වය වඩිපුර ඇතිවෙනු දකින්නට පුළුවන.
කෙසේ නමුත් මේ රෝගය සම්බන්ධයෙන් දේශගුණික බලපෑමක් පවතින බව කිවයුතුය. නමුත් මෙම රෝගීන් රුමැටියාහපර්වදාහ රෝගීන් තරමට නිතර නිතර රෝගී තත්ත්වය පිළිබඳ, එහි වේදනාව පිළිබඳ පැමිණිලි කරනු දැකිය හැකිය. බොහෝවිට මෙම රෝගීන් අධික තරබාරුවෙන් යුතු විය හැකිය. අධික බර දැරීම නිසා යාන්ත්‍රිකව ඇතිවෙන සූක්ෂම සීරීම් තුවාලවලින් මේ රෝගය හටගන්නා බව පෙනෙයි.
සාමාන්‍යයෙන් අප අස්ථි සම්බන්ධිත රටාව පිළිබඳව විමසා බැලීමේදී දණහිස මෙයින් වැඩිපුරම ඔස්ටියෝ ආතරයිටීස් රෝගයට බඳුන්වන බව දකින්නට හැකිය. දණහිස සියයට හැත්තෑ පහක් ද අතේ ඇඟිලි සියයට හැටක් ද, කටී කශේරුකා සියයට තිහක්ද, උකුළු 25 ක්ද හ්රීව කශේරුකා සියයට 20 ක්ද වළලු කර සන්ධියට සියයට 20 ක්ද උරස් සන්ධියට සියයට පහළොවක්ද වැළමිට සියයට දහයක්ද, මැණික් කටුව සියයට දහයක්ද ආදී වශයෙන් පීඩාවට ලක්වෙයි.
ඇත්තෙන්ම දණහිස යන්න සිරුරේ පවතින ශක්තිමත්ම සන්ධිය නොවේ. එය දුර්වල සන්ධියෙකි. මෙම සන්ධිය යම් අයෙකු අධිකව බර එසැවීම නිසාද නිරතුරු චලනවලට හා තැලුම් පෙලුම්වලට භාජනය වෙන නිසාද ඉතාමත්ම සියුම් ආකාරයේ තුවාල හා අඛණ්ඩ සීරීම් නිසාද කාලයත් සමග දැඩිව දැනෙන තුවාලයක් බවට පත්වන බව පෙනෙයි.
හ්රීවා කශේරුකාගත අස්ථි පර්වදාහය කොඳුඇට පෙලේ ඇතිවන අස්ථි පර්වදාහයකි බොහෝ දෙනෙක් එය සර්වයිකල් ස්පොන්ඩිලෝසිස් නමින් හඳුන්වනු ලබයි. මෙම රෝගය ස්පොන්ඩිලෝසිස් යැයි හඳුන්වන්නේ කොඳු ඇට පෙළේ මතුවන නිසාය. එමෙන්ම මෙම රෝගයට ගොදුරුවෙන අයගේ විශේෂ ලක්ෂණයක් දැකිය හැකිය.
ඒ එම ඇඟිලි පුරුක් හි විකෘති වූ ඇට කෙළවර හෙබර්ඩන්ගේ ගැට නම් ගැට විශේෂයක් හට ගැනීමයි. මුලදී ප්‍රදාහයක් ඇතිවිට මෙම ගැටවල රතු පැහැය, ඉදිමුම, උණුසුම, ස්පර්ශය, නොඉවසම ආදී ලක්ෂණ පැවතීමට ඉඩ තිබේ. නමුත් එම ප්‍රදාහය ඉවත්ව ගිය පසුව එම ගැටවල වේදනාවක් නොමැතිව ඉදිමීමක් දැකිය හැකිය. මෙහිදී වඩාත්ම පීඩාවක් ඇතිවෙන්නේ අතේ හා පයේ මහපට ඇඟිල්ලටය.
එමෙන්ම මෙම අස්ථි පර්වදාහය ප්‍රාථමික අස්ථි පර්වදාහය හා ද්විතීයික අස්ථි පර්වදාහය වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරෙයි. එයින් ප්‍රාථමික අස්ථි පර්වදාහයට තවමත් හේතු සොයාගෙන නැත.ද්විතීය අස්ථි ප්‍රදාහයේ හේතු වශයෙන් නම් වයස්ගතවීම, අභිඝාත , හෞතවේදීය ප්රපීඩන හා දුර්වලතා, පාරම්පරිකත්වය, පරිවෘත්තීය විකෘති, අන්තෝසර්ඝ ( හෝමෝන) විකෘති, ආසාදන, රුධිර නාල රෝග, මානසික උද්වේග ආදිය සැලකිය හැකිය.
කෙසේ නමුත් මේවා හඳුනාගැනීමට නම් බොහෝ විට අප නිසි අයුරින් රෝගය හඳුනාගැනීමට උපකාරීවන රෝග විස්තර මෙන්ම ඇවතුම් පැවතුම් පිළිබඳ සත්‍ය තොරතුරු වෛද්‍යවරයාට පැවසීම අවශ්‍යය. සමහරු තමන්ගේ ඇවතුම් පැවතුම් සම්බන්ධ අසත්‍ය තොරතුරු පවසා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙයි.
නමුත් ඖෂධ වලට නොගැලපෙන යමක් එම ඖෂධ භාවිත කරන කාලය තුළ ලබාගතහොත් එයින් සිදුවෙන්නේ රෝගය සුව වීම ප්‍රමාදවීම විය හැකිය .එම නිසා මෙවැනි රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර පවතින විට රෝගය කියූ මනතින් ඊට ප්‍රතිකාර ලියන වෛද්‍යවරයෙකු නොව රෝගියා හා හොඳින් කතාබස්කර විමසා ප්‍රතිකාර සම්බන්ධයෙන් රෝගියා දැනුවත් කරන වෛද්‍යවරයෙකුවෙත එළැඹීම අවශ්‍යය
බොහෝ විට මෙවැනි රෝග සඳහා කල් අල්ලන ප්‍රතිකාර ක්‍රමවෙත යොමුවීමට රෝගියා මැලි කමක් දක්වන්නේ එයින් ඇතිවන වේදනාව සහ අපහසුතා සමග වැඩකරන්නට සිදුවිමේ අපහසුව නිසාය. නිසි එල්ලයක් සහිත ප්‍රතිකාර ක්‍රමවේදයක් තුළ එනම් දින 35 හෝ ඊට අඩු කාලයක් තුළ නිසි අයුරින් ප්‍රතිකාර කෙරෙන්නේ නම් මෙය ආයුර්වේදයේ පවතින රහස් ප්‍රතිකාර ක්‍රම තුළින් සුවපත් කිරීමට හැකියාව පවති.
මේ වැනි රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී එය තනිකරම තැවිම් තෙල් ගෑම් වලට පමණක් පැවරිය හැකි නොවේ. එය ක්රමානුකූල රටාවකට නතු වූ ක්‍රමවේදයක් විය යුතුය. නිසි ප්‍රතිකාර අනුව මෙය ඉටුවන්නේ නම් තෙල් ගෑම් ගැවීම් පත්තු බැඳීම් අතර තුර දීම ඒ ඒ කාල සීමාවන් සඳහා වෙන් වුණු බෙහෙත් පංති පානය සඳහාද වෙන් විය යුතුය.
එහිදි ඒ සඳහාම සකස් කළ ඖෂධ යොදාගැනිම වෛද්‍යවරයාගේ අනු දැනුම මත සිදුවිය යුතු අතර පිටතින් කිරා සකස් කර ගන්නා වට්ටෝරු යොදා නොගැනීමට හේතුව ඇතැම් ඖෂධ නිවැරදි ලෙස යෙදීම ඇතැම් වෙළඳ සැල්වලින් සිදු නොකරන බැවිණි. රෝගියාට පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයෙන් ඖෂධ සකස් කර දිම නිසා එය නිසි පරිදි පාවිච්චිය රෝගය මුලිනුපුටා දැමීමට හේතුවකි.
ඇතැම් ආහාර මෙන්ම විහරණ රෝගට සුවපත් කරගැනීමට අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතුය. එහෙත් ඒවා පොදුවේ පැවසිය හැකි නොවන්නේ එවන් දෑ හැම අයෙකුටම පොදුවේ භාවිත කළ නොහැකි නිසාය. රෝගයටද යම් යම් අවදි තිබේ ආරම්භක මධ්‍යම , අසාධ්‍ය ආදි අවස්ථාවන්ට අතර මැදි අවස්ථාවන්ද පැවතිය හැකි බැවින් එය නිසි නාඩි පරීක්ෂාවකින් අනතුරුව වෛද්‍යවරයා විසින් තීරණය කළ යුතුවූවක්.
මෙසේ නාඩි පරික්ෂාව තුළින් අදාල බෙහෙත් පංති වෙනස් කරනු විනා එකම බෙහෙත් පංතියකින් මෙම රෝගය සුව කළ නොහැකියි. එම නිසා මේ සම්බන්ධයෙන් ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයා හා සාකච්ඡා කිරීම අවශ්‍යය.මේ සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් පවතින්නේ නම් දුරකථන අංක 077 7 248 128 හෝ 077 6 735 038 යන අංකවලින් වෛද්‍යවරයාවම අමතා දැනගන්නටත් ගම්පහ උඩුගම්පල පාරේ දොඹවල පිහිටි ජයවීර හෙළ වෙද මැදුරට ගොස් ජයවීර වෙද මහතා හමුවී දැනගන්නටත් අද පාඨක ඔබට අවස්ථාව පවතී.