උරුගුවේ සහ ඊජිප්තුව අතර පැවැති තරගයේදී ආසන 6,000ක් පමණ හිස්ව තිබීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ෆිෆා ආයතනය පසුගියදා නිවේදනය කළේය.
තරගය පැවැති දිනයේ ක්‍රීඩාංගණයේ අන්ත දෙකක ආසන සම්පූර්ණයෙන්ම පාහේ පිරී තිබුණද, අනෙක් අන්ත දෙකේ තැඹිළි පැහැති ආසන බොහෝමයක් හිස් තිබෙනු දකින්නට ලැබුණි.
&උරුගුවේ සහ ඊජිප්තුව අතර තරගය නැරඹීම සඳහා සෙන්ට්‍රල් ක්‍රීඩාංගණයට පැමිණි පිරිස 27,015ක් යැයි අපට නිල වශයෙන් තහවුරු කිරීමක් ලැබුණා” යැයි ෆිෆා ප්‍රකාශකයෙකු පවසා තිබේ.
“ෆිෆා ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණයක සම්පූර්ණ ආසන ධාරිතාව ආසන 33,061යි. ඒත් වෙන්කළ ආසන සංඛ්‍යාවට සාපේක්ෂව සත්‍ය වශයෙන්ම පැමිණ සිටි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව තරමක අඩුවක් පෙනෙන්නට තිබෙනවා. ඒකට කාරණාවක් ගණනාවක් බලපාන්න පුළුවන්. විශේෂයෙන් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව අඩු වෙන්න බලපාල ප්‍රධානම කාරණය තමයි තරගයක තරගකාරීත්වය අඩුවීම. කොහොම වුණත් ෆිෆා ආයතනය මේ ගැන විමර්ශනයක් සිදුකරනවා* යනුවෙන් එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා තිබේ.
ජෝශුවා නේතන් කරුණාරත්න