Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
මේ හරහා රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වන අතර, මීට අමතරව මහා මාර්ගවල ගමන්ගන්නා ජනතාවට දවසේ විශාල පැය ගණනක් අපතේ හැරීමටද සිදු වෙයි. මෙවැනි තත්ත්වයක් උදාවුවද සාමාන්‍ය ජනතාවට හා වැඩ කරන ජනතාවට යම් ගැටලුවක් ඇති වූ විට එය විසඳීමට වර්තමාන දේශපාලඥයන් හෝ බහුතර රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන ආකාරයක් දක්නට නැත.
මේ අනුව අසාධාරණයට පත් කණ්ඩායම් කිහිපයක් එකතුව රට අස්ථාවර වන ආකාරයට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමටද සැලසුම් කර තිබේ. සමහර වෘත්තීය ක්‍රියාමාර්ග මේ වනවිටද ක්‍රියාත්මක අතර මෙම ගැටලු පිළිබඳ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර විසදුමක් සොයාගැනීමට හෝ මෙරටේ මැති ඇමැතිවරුන් හෝ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් උත්සාහ කරන්නේ නැත. මේ නිසා අද වනවිට රට අස්ථාවර වන තත්ත්වයක්ද නිර්මාණය වෙමින් තිබේ.රටේ සමස්ත ජනතාවගේත්, රටේ සමස්ත කර්මාන්තවලත් රඳා පැවැත්වීමේ ප්‍රධාන සාධක වී තිබෙන්නේ ජලය සහ විදුලියයි. මීට අමතරව සෞඛ්‍යය, අධ්‍යාපනය, රාජ්‍ය ප්‍රවාහන සේවය, ඉන්ධන සහ තැපැල් සේවාව රටේ පැවැත්මට අවශ්‍ය සාධක වේ.
එහෙත් අද දවස වනවිට මේ බොහෝ ක්ෂේත්රවල වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ වී තිබෙන අතර, සමහර වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරි දිනවල ආරම්භ වීමට නියමිතය. මීට අමතරව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මැයි 30 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වූ ජල සම්පාදන සේවකයන්ට වැටුප් වැඩිවීම් ලබා දී වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කිරීමට අවශ්‍ය කටයුතු කර තිබේ. වෘත්තීය සමිති සඳහන් කරන ආකාරයට සෑම වසර තුනකට වරක්ම වසර තුනකට ගැළපෙන ආකාරයට වැටුප් සංශෝධනයක් සිදුවිය යුතුය.
මේ අනුව 2015 දී ඇතිකළ වැටුප් ගිවිසුම මේ වසරේ ජනවාරි පළමු වැනිදා වනවිට අවලංගු වී ගොස් තිබේ. මෙම අවලංගු වීමත් සමග නව වැටුප් ගිවිසුමක් ක්‍රියාත්මක කළ යුතු වේ. එසේ තිබියදී ජල සම්පාදන සේවකයන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉඩ ලබා දී ජල සම්පාදන මණ්ඩලයේ වැඩ කටයුතු අඩපණ වනතෙක් අදාළ ගැටලුවට විසඳුම් ලබාදීමට පාලකයන් කටයුතු කළේ නැත.
මේ ආකාරයට ආණ්ඩුව හැසිරීම නිසා යම් දෙයක් ලබාගැනීමට නම්, උද්ඝෝෂණ, වැඩ වර්ජන සහ විරෝධතා ව්‍යාපාර පැවැත්විය යුතු බවටද ජනතාව තුළ මතයක් ඇති වී තිබේ.
ජල සම්පාදන සේවකයන්ට සැබෑ ලෙසම 25෴ක වැටුප් වැඩිවීමක් තිබුණා නම් එය ලබාදීම රජයේ වගකීමකි. එහෙත් වෘත්තීය සමිති විසින් ආණ්ඩුවට ඔවුන්ගේ බලය පෙන්වා මෙම ක්‍රියාව සිදුකර ගත්තා නම් ආණ්ඩුවට තවදුරටත් රට පාලනය කළ හැකිද යන ප්රශ්නය ඇති වී ඇත. කෙසේ නමුත් අදාළ ගැටලුව පිළිබඳ විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට හෝ කටයුතු නොකළ අතර, පසුව ජුනි 06 වැනිදා සවස ඔවුන් ඉල්ලා සිටි වැටුප් වැඩිවීම ලබාදීමට ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ.
මීට අමතරව ඉදිරි විසි අවුරුද්ද තුළ අඩු වියදමකින් සිදුකළ හැකි 20 අවුරුදු ජනතා සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මැයි 08 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
විදුලි ඉංජිනේරුවෝ නඩත්තු සේවාවලින්ද ඉවත් වූහ. මේ අනුව මැයි 08 වැනිදා සිට ජුනි 11 දක්වා කාලය තුළදී රාත්‍රී කාලයේදී හා සති අන්තයේදී විදුලිය බිඳ වැටුණු පසු එය යථා තත්ත්වයට පත් කිරීමට පැය ගණනක්, දින ගණනක් ගත විය. මේ හරහා විදුලි පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවට පත් වූහ. අවසානයේ නොරොච්චෝලේ බලාගාරය 12 වැනිදා සිට අක්‍රිය කරන බවට විදුලි ඉංජිනේරුවන් තර්ජනය කිරීම නිසා විසි අවුරුදු සැලැස්ම අනුමත කරන බවට රජයේ පාර්ශ්ව ජුනි 11 වැනිදා ප්‍රකාශයට පත් කළේය. එම පොරොන්දු සැලකිල්ලට ගනිමින් විදුලි ඉංජිනේරු වැඩ වර්ජනය අවසන් විය. එහෙත් වැඩ තහනම් කළ වෘත්තීය සමිති නියෝජිතයන් සේවයේ පිහිටුවන ලෙස සහ වැටුප් කෙටුම්පතක් එළිදක්වන ලෙස ඉල්ලා විදුලි බලමණ්ඩල විධායක නොවන පිරිස් මේ මස 20 වැනිදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමටද සැලසුම් කර තිබේ. එහි පළමු ක්‍රියාමාර්ගය ලෙස විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ මස 20 වැනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටද සැලසුම් කර ඇත. මීට අමතරව විශේෂ දීමනා ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ නිලධාරීහු 14 වැනිදා ලෙඩ නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක නිරත වූහ. මෙම වැඩ වර්ජනය එක් දිනෙන් අවසන් වුවත් කොයි මොහොතක හෝ නැවත වතාවක් මෙම පිරිස් වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීම අනිවාර්යයෙන්ම සිදුවන ක්‍රියාවකි.
මේ අනුව මෙම පිරිස්වල ඉල්ලීම් ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. පරිපාලන සේවාවට දීමනාවක් ලබාදීමට කටයුතු කළහොත් විධායක ශ්‍රේණිවල සේවය කරන පිරිස්වලටද දීමනාවක් අවශ්‍ය බවට 14 වැනිදා සවස විධායක සේවාවල නිලධාරීහු ප්‍රකාශයට පත් කළහ.
මේ අනුව මෙම මස 24 වැනිදා සිට තවත් වැඩ වර්ජන, උද්ඝෝෂණ ව්‍යාපාර අලුතින් ආරම්භ වීමට නියමිතය. සේවා ව්‍යවස්ථාවක් සකස් කර ස්ථිර සේවයට ඇතුළත් කර නොගෙන සිටින තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස හා තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් 11 වැනිදා තැපැල් සේවක වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වැඩ වර්ජනය නිසා සමස්ත තැපැල් සේවාවම අඩපණ වී ඇත. එහෙත් බලධාරීන්ගේ අවධානය මේ සඳහා තවමත් යොමු වී නැත.
මීට අමතරව වෘත්තීයවේදීන් මත පටවා තිබෙන අධික බදු මුදල් ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරියේදී වෛද්‍ය වැඩ වර්ජනයක් දියත් කිරීමටද සැලසුම් කර තිබේ.
ගෙවීගිය වසර දෙකක කාලය සලකා බැලුවහොත් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍ය වැඩ වර්ජන සිදුකර ඇත. වෛද්‍ය වැඩ වර්ජන නිසා රටේ නායකයාට හෝ දේශපාලනඥයන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවුණත් මේ රටේ අහිංසක ජනතාවට මෙම වර්ජන නිසා විශාල ලෙස පීඩාවට පත්වීමට සිදු විය.
මීට අමතරව කලා, වාණිජ විෂය ධාරාව යටතේ හෙද සේවාවට පිරිස් බඳවාගැනීමට සිදුකරන සැලසුම් අවලංගු කරන ලෙස ඉල්ලා මේ මස අවසන් සතියේ සිට හෙද වැඩ වර්ජනයක් සිදු කිරීමට හෙද වෘත්තීය සමිති සැලසුම් කර තිබේ. සෞඛ්‍ය සේවාව තුළ ඇති තරම් ප්‍රශ්න නිර්මාණය වී තිබියදී මෙරටේ මොළයක් නැති දේශපාලඥයන්ගේ ක්‍රියාකාරකම් නිසා හෙද සේවාව තුළ අලුත් ප්‍රශ්නයක්ද නිර්මාණය වී තිබේ. මේ අනුව හෙද සංගම් මෙම ප්රශ්නය විසඳාගන්නේද මෙරටේ අහිංසක රෝගීන් බිල්ලට ලබා දෙමිනි. මේ නිසා වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමෙන් පසු අදාළ තීරණය වෙනස් කරන තෙක් නොසිට ආණ්ඩුව ජනතාව ගැන සිතා වහාම මෙම ගැටලුව විසඳිය යුතුය. සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍යවරුන්ට අමතරව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෝ ගෙවීගිය කාලය පුරාම මහ පාරේ සටන් කළහ.
මීට අමතරව මාස 10කට වැඩි කාලයක් පන්ති වර්ජනයක් සිදු කිරීමටත් වෛද්‍ය ශිෂ්‍යයෝ කටයුතු කළහ. අවසානයේදී වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපියන් ආරම්භ කළ මාරාන්තික උපවාසයක ප්‍රතිඵලයක් ලෙස පසුගිය දෙසැම්බර් 31 වැනිදා වනවිට සයිටම් අහෝසි කරන බවට ආණ්ඩුව රට හමුවේ පොරොන්දුවක් ලබා දුන්නේය. මෙම පොරොන්දුවට අනුව මාරාන්තික උපවාසය අවසන් වූ අතර, මීට අමතරව ශිෂ්‍ය සටන් නවතා දැමීමටද කටයුතු කෙරිණි. එහෙත් ලබාදුන් පොරොන්දුව මෙතෙක් ඉටුකර නොමැති අතර, මේ අනුව නැවත වතාවක් ශිෂ්‍ය ව්‍යාපාර උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර තිබේ. මීට අමතරව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර සයිටම් හා කොතලාවල වෛද්‍ය පීඨය ඒකාබද්ධ කර උපාධි පිරිනැමීමේ වැඩපිළිවෙළක්ද මේ වනවිට කරළියට පැමිණ ඇත.
මෙම සංශෝධනය තව තවත් වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට හැකි ආකාරයට සකස් කර තිබෙන අතර, මේ අනුව මෙම සංශෝධනයට එරෙහිව වෛද්‍ය සංගම්, වෙනත් වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම් පෙළ ගැසෙමින් තිබේ. මේ අනුව රට තුළ යම් කටයුත්තක් සිදුවුවහොත් එහි වගකීම ආණ්ඩුව බාරගත යුතු අතර, එයට හේතු වී තිබෙන්නේ ආණ්ඩුව විසින්ම රට තුළ ප්‍රශ්න නිර්මාණය කිරීම නිසාය.
දුම්රිය සේවා ශ්‍රේණි 05කට ඉහළ දැමූ වැටුපට සමානව වැටුප් ඉල්ලා දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කර තිබේ. මෙම අරගලයේ එක් ක්‍රියාකාරකමක් ලෙස පසුගිය 29 වැනිදා සවස 4.00 සිට පැය 48ක වැඩ වර්ජනයක් දියත් කිරීමටද වෘත්තීය සමිති කටයුතු කළේය.
අදාළ ගැටලු පිළිබඳ ජුනි 01 වැනිදා ආණ්ඩුවේ පාර්ශ්ව සහ වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, මෙම සාකච්ඡාවේදී මේ මස 03 වැනිදා වනවිට ගැටලු විසඳන බවට බලධාරීන් පොරොන්දු වූ බවද වෘත්තීය සමිති සඳහන් කරයි. එහෙත් මේ වනවිට එම පොරොන්දු කඩකර තිබෙන හෙයින් ඉදිරි දින 10න් පසු අඛණ්ඩ දුම්රිය වැඩවර්ජනයක් දියත් කිරීමටද වෘත්තීය සමිති සැලසුම් කර තිබේ. මීට පෙර දුම්රිය වෘත්තීය සමිති 05ක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනයක් ආරම්භ කළ අතර, වැඩවර්ජනයෙන් පසු ඔවුන්ගේ වැටුප් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළේය.
ආණ්ඩුවේ පිරිස් යහපාලනයක් ගැන කතා කළද, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීම සිදුකර තිබෙන්නේ මේ රටේ පොදු ජනතාව දැඩි පීඩාවකට ලක් කරන තෙක් වෘත්තීය සමිතිවලට අවස්ථාව ලබාදීමෙන් පසුවය. මීට අමතරව ගුරු විදුහල්පති ගැටලු විසඳීමට කටයුතු නොකළ බව පවසමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ විභාග රාජකාරි කටයුතුවලින් සමස්ත ලංකා උපාධිධාරී සංගමයේ සාමාජිකයන් ඉවත් වීමට තීරණය කර තිබේ. 2008 වසරේදීද මේ ආකාරයේ ක්‍රියාවක් සිදුවීම නිසා විභාග කටයුතුවලට බාධා එල්ල විය.
මීට අමතරව විදුහල්පති සේවයට සහ අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවත්කම් මත ගුරුවරුන් පත් කරන බව පවසමින් ගුරු විදුහල්පති සංගමය හා අධ්‍යාපන පරිපාලන සේවා සංගම් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ.
මෙම ක්‍රියාමාර්ගවලට අමතරව විදුහල්පති වෘත්තීය සමිති හා අධ්‍යාපන පරිපාලන සේවාවේ නිලධාරීන් එක්දින වැඩ වර්ජනයක්ද සිදුකර තිබේ.
මීට අමතරව මේ මස ගුරු විදුහල්පති හා අධ්‍යාපන පරිපාලන සේවාවේ නිලධාරීන් එක්ව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට මහා සමුළුවක් කැඳවීමට තීරණය කර තිබේ. පොරොන්දු වූ පරිදි රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරීන්ද රට පුරා උද්ඝෝෂණ ආරම්භ කර තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදීම කොළඹ නගරය අවහිර වන ආකාරයට පා ගමන් පැවැත්වීමට හා උද්ඝෝෂණ සිදු කිරීමටද ඔවුහු කටයුතු කළහ. මීට අමතරව එට්කා ගිවිසුම පිළිබඳ සිදුකරන සාකච්ඡා නවතා දමන ලෙසට සහ අත්සන් කර තිබෙන සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා විධායක ශ්‍රේණිවල වෘත්තීය සමිති විවිධ විරෝධතාවල නිරත වෙමින් සිටියි.
මෙම ක්‍රියාමාර්ගවලට අමතරව වෘත්තීය සමිති ඒකාබද්ධ වී වැඩ වර්ජනයක් සිදුකිරීමටද සැලසුම් කර තිබේ. මීට අමතරව පානීය ජල ගැටලු මුල් කරගනිමින් පාසල්වලට ගුරුවරුන් ඉල්ලා සහ අලි ගම්වැදීම නවතා දමන ලෙස ඉල්ලා රටේ විවිධ ප්‍ර‘දේශවල ජනතාව විරෝධතා ව්‍යාපාර පවත්වමින් සිටින අතර, සමහර විරෝධතා මාර්ග අවහිර කරමින් සිදුකරන ආකාරයක්ද දක්නට ලැබේ.
එහෙත් ආණ්ඩුව මැදිහත් වී එම ගැටලුවලට විසඳුම් ලබාදෙන ආකාරයක් දක්නට නොලැබෙන අතර, මේ අනුව යම් යම් ක්‍රියාමාර්ග දිගින් දිගටම සිදුවෙමින් ඇත.
මීට අමතරව විවිධ ගැටලු මුල්කර ගනිමින් තක්සේරු නිලධාරීන් සහ මිනින්දෝරුවන් පසුගිය කාලයේදී විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කළ අතර, යම් යම් පොරොන්දු මත එම ක්‍රියාමාර්ග තාවකාලිකව නැවතී ගොස් තිබේ. එහෙත් ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නොමැති බවද මිනින්දෝරු සහ තක්සේරු නිලධාරීහු සඳහන් කරති.
මීට අමතරව පොරොන්දු වූ ආකාරයට පොහොර සහනාධාරය නොලැබෙන බව පවසමින් ගොවි උද්ඝෝෂණයක් ආරම්භ වී තිබෙන අතර, ඉන්ධන සහනාධාරය කපා දැමූ බව පවසමින් ධීවර ජනතාවද විවිධ උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතව සිටිති.
ආගමන විගමන සේවාවට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබුණු බව පවසමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් වූ අතර, එම ක්‍රියාමාර්ග ඉදිරි දෙසතිය තෙක් නවතා දැමීමටද කටයුතු කර තිබේ.
පළිගැනීමට ලක්වූ දුම්රිය සේවකයන්ට මෙතෙක් සාධාරණයක් ඉටු වී නොමැති බවට එම පිරිස් සඳහන් කරන අතර, මේ අනුව ගැටලු විසඳාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට හෝ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාස ආරම්භ කිරීමටද සැලසුම් කර තිබේ.
අබාධිත රණවිරුවන්ගේ ගැටලු විසඳීමට කටයුතු නොකළ බව සඳහන් කරමින් වරින් වර එම පිරිස් උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරත වෙමින් සිටිති. මේ අනුව රාජ්‍ය අංශය, ධීවර, ගොවි, විශ්වවිද්‍යාල සහ වෛද්‍ය විද්‍යාල ආදී ක්ෂේත්රවල කටයුතු අඩපණ වෙමින් තිබෙන අතර, මෙම කණ්ඩායම සිදුකරන උද්ඝෝෂණ ව්‍යාපාර හා පෙළපාළි නිසා සාමාන්‍ය ජන ජීවිතයටද බලපෑම් ඇති වී තිබේ.
එහෙත් මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන ආකාරයක් දක්නට නොලැබෙන අතර, මේ අනුව ඉදිරියේදී රාජ්‍ය අංශය, විශ්වවිද්‍යාල, වෛද්‍ය විද්‍යාල, ගොවි, ධීවර ක්ෂේත්රවල කටයුතු අඩාළ වීම වළක්වාගත නොහැකි වනු ඇත. සමහර ප්‍රශ්න සුළුවෙන් විසඳාගැනීමට හැකිව තිබුණද මැති ඇමතිවරුන්ගේ හා තීන්දු තීරණ ගැනීමට සිටින නිලධාරීන්ගේ පණ්ඩිතකම නිසා සුළු ප්‍රශ්න මහා විශාල ප්‍රශ්න බවට පත් වී තිබේ.
වෘත්තීය ගැටලුවක් ඇති වූ විට එය විසඳා ගැනීමට උද්ඝෝෂණ, වැඩ වර්ජන සිදු කිරීම වෘත්තීය සමිතිවල වගකීමකි. එහෙත් ගැටලුවලට විසඳුම් ලබා දී එය විසඳීම පවතින ආණ්ඩුවේ වගකීමකි.
මෙහිදී ආණ්ඩුව තීන්දු තීරණ ගත යුත්තේ පොදුවේ මහජනතාව ගැන සිතාය. මේ අනුව ගැටලුවක් පැන නැගුණු අවස්ථාවේදී වෘත්තීය සමිති සමග සාකච්ඡා කර ගැටලුවලට විසඳුම් ලබාදීම රටට වග කියන ආණ්ඩුවක ප්‍රධානම වගකීම වේ.
එහෙත් වර්තමාන ආණ්ඩුව ප්රශ්නය දුරදිග යෑමට ඉඩහැර, වෘත්තීය සමිතිවලට මස් රාත්තලම ලබාදීමේ ක්‍රමවේදයක් දියත් කරමින් තිබේ. ආණ්ඩුව මෙම ක්‍රමවේදය නිසා මේ වනවිට රාජ්‍ය සේවයේ වැටුප් හැකිළීමකට ලක්ව තිබෙන අතර, මේ අනුව රටට බලපෑමක් ඇති කරමින් වැඩ වර්ජන සිදුකළ හැකි කණ්ඩායම් තම බලය පෙන්වා වැටුප් වැඩි කරගැනීමේ ක්‍රියාවක නිරත වෙමින් තිබේ.
මේ නිසා සෑම සේවාවක් තුළම වැටුප් විෂමතා ඇති වී තිබෙන අතර, මෙම ගැටලු විසඳාගැනීම සඳහා අනෙකුත් වෘත්තීය සමිතිද වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කරන දිනය වැඩි ඈතක නොවේ.
මේ සෑම ක්‍රියාවක්ම රටේ ආර්ථිකයට බලපාන අතර, රටේ ආර්ථිකයට මෙම ගැටලු බලපෑම හරහා සිදුවන්නේ ඉදිරි අයවැයේදී ජනතාව මත අධික බදු බරක් පටවා ආණ්ඩුව අත පිසාදමාගැනීමය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd