වෙළෙඳ සන්නාම ලියාපදිංචිය සඳහා පහසුකම් සැලකීම වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ පර්යේෂණයේ ප්රතිඵලපසුගිය සතියේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි ජනතාගත කෙරිණි.මේ ඒ පිළිබඳවය.
විදේශවලදී වෙළෙඳ සන්නාම ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට කල්ගතවනවා මෙන්ම එම ව්‍යාපාරිකයන් ඒ වෙනුවෙන් මිල අධික ක්‍රියාවලියක යෙදේ. එයට පිළිතුරක් ලෙස ශ්‍රී ලංකා රජය මැඩ්රිඩ් ප්‍රොටෝකෝලය සඳහා එක්වීමට තීරණය කර ඇත. මෙය වෙළෙඳ සන්නාම ලියාපදිංචිය සඳහා මෙරටින් බැහැරව ව්‍යාපාරිකයන් සිදුකළ යුතු ක්‍රියාවලිය සරල කරදෙන කේන්ද්‍රීය ජගත් ක්රියාදාමයකි.
කෙසේ නමුත්, වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළපර්යේෂණයක් මගින් හඳුනාගෙන ඇත්තේ මැඩ්රිඩ් ප්‍රොටොකෝලය ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන වාසිවලට මෙරට තුළ වන වෙළෙඳ සන්නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය බාධා කරනු ලැබ ඇති බවයි. වසරකට 4541ක සාමාන්‍යයක් දක්වා ඉහළ නැග, පසුගිය දශකය තුළ දේශීය වෙළෙඳ සන්නාම සඳහා වන අයදුම් කිරීම සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබුණද, ලියාපදිංචිය කිරීම්වල වසරක සාමාන්‍ය ලෙස දක්වා තිබුණේ 755ක සාමාන්‍ය අගයකි.
එබැවින් වෙළෙඳ ආයතනයක් මෙරට තුළ සන්නාම ලියාපදිංචි කිරීම විදේශ ලියාපදිංචිය සඳහා වැදගත් පළමු පියවරකි. මැඩ්රිඩ් ප්‍රොටොකෝලය තුළින් ඉහළම ප්රතිලාභ අත්කරගැනීමට නම් ශ්‍රී ලංකාව දේශීය වෙළෙඳ සන්නාම ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ ඇති සියලු ගැටලු සැලකිල්ලට ගෙන විමසා බැලිය යුතුමය.
කොළඹ නගරයේ බාධක පිටරටින් එන සාර්ථකත්වය හෑල්ලු කරයි
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය වෙළෙඳ සන්නාම අයදුම්පත් සඳහා කටයුතු පූරණය කිරීම සඳහා වසර 3-5 අතර කාලයක් ගනු ලබන බව වෙරිටේ රිසර්ච් ආයතනය සොයාගෙන ඇති අතර, දේශීය සන්නාම අයදුම් කිරීම් සහ ලියාපදිංචි කිරීම් අතර වන මෙම පුළුල් හිඩැස මැඩ්රිඩ් ප්රොටොකෝලයෙන් වාසි හිමිකරගැනීමට මෙරටට ඇති හැකියාව සුවිශාල වශයෙන් පහත හෙළනු ඇත.
තවදුරටත්, මැදි ආදායම් රටවල් වන පිලිපීනය, බල්ගේරියාව සහ වියට්නාමය වැනි රටවල තත්ත්වය හා සසඳා බලද්දී ශ්‍රී ලංකාව පසුවන්නේ දුප්පත් අඩියකය.ශ්‍රී ලංකාවේ සන්නාම ලියාපදිංචි කිරීම අයදුම්පත් ප්‍රමාණයෙන් ප්‍රතිශතාත්මක අගයක් ලෙස ගනිද්දී එය 14%ක පහළ අගයක් වන විට මෙම රටවල් මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හා සම්බන්ධ වන්නට පෙරදීම එම අගය 50%කට ඉහළ අගයක පවත්වාගෙන සිටිති.
මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හරහා ලැබෙන වාසිවලට සාපේක්ෂව එය ශ්‍රී ලංකාව හමුවේ තබන අවශ්‍යතා සරල ය. එනම්, විදේශ වෙළෙඳ සන්නාම අයදුම්පත් වසර එක හමාරක නිශ්චිත කෙටි කාලසීමාවක් තුළ විමසා බැලීමට කටයුතු යෙදීමයි. කෙසේ වෙතත්, කොළඹදී ඉතා සෙමින් සිදුවන වෙළෙඳ සන්නාම ලියාපදිංචිය සම්බන්ධ කටයුතු මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හරහා ශ්‍රී ලංකාවට ලබාගත හැකි වාසි තදබල ලෙස නොසලකා හැර ඇත.
මෙරටදී මුහුණදීමට සිදුවන අනෙත් ප්‍රධාන ගැටලුවක් වන්නේඅයදුම් කිරීම සඳහා වන ක්‍රියාදාමයේදී පාර්ශ්වකරුවන් වෙත වන උපදෙස් දීම සහ විනිවිදභාවය දුර්වල තත්ත්වයක වීමයි. යෝජනාව සඳහා කටයුතු කිරීමට එකඟතාව පළකර වසරකට වඩා ගත වී ඇති නමුත් පාර්ශ්වකරුවන් ලබා ඇති ප්‍රගතිය ගැන කිසිත් නොදනී. රටේ සමස්තවෙළෙඳ උපායන් සඳහා සියලු සන්ධාන ඒකාග්ර කරනු වස්, අපනයකරුවන් සහ අපනයන ප්‍රවර්ධන නියෝජිත ආයතන සම්බන්ධ කරගැනීම අත්‍යවශ්‍ය වේ.
වැදගත් නමුත් නොසලකා හැර ඇති වෙළෙඳ සන්නාම ආරක්ෂා කිරීම
වෙළෙඳ සන්නාම, පාරිභෝගිකයාට එක් නිෂ්පාදනයකින් අනෙක වෙන්කොට හඳුනාගැනීමටත්, සමාන නිෂ්පාදන සමග වෙළෙඳපොළ වෙත එන ප්‍රතිවාදීන් වෙත තරගකාරී සීමා නිර්මාණය කරගැනීමටත් මහෝපකාරී වේ. දේශීය හා විදේශීය වශයෙන් සන්නාමය ලියාපදිංචි කිරීම මගින් ඒ ඒ වෙළෙඳපොළ තුළ සිය කීර්තියත්, සන්නාම අගයත් ආරක්ෂා කරගැනීම ඒ සඳහා අත්‍යවශ්‍ය මුල් පියවර වේ. මෙය අනෙකුත් නිෂ්පාදකයන් විසින් සිය සන්නාමය අනිසි ලෙස යෙදීම හා සිය සමාගම විසින් වෙහෙස වී දිනාගත් කීර්තිය සොරාගැනීම වළක්වාලන්නකි. සංඛ්‍යාලේඛන මගින් හෙළිවන්නේ මෙරටදී හා විදේශීය වශයෙන් ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා වන සන්නාමයන් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව ඉහළ නගිමින් පවතින බවයි. මෙය සුබදායක තත්ත්වයකි.
ශ්‍රී ලංකාව වෙළෙඳ සන්නාමයක ඇති වටිනාකම හඳුනාගෙන ඇතත්,වෙළෙඳ සන්නාම ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ ඇති කාර්යභාරය නොසලකා හැර ඇත. මේ හේතුවෙන්, දීර්ඝ කාලයක් මුළුල්ලේ, විදේශීයව වෙළෙඳ සන්නාම ලියාපදිංචිය සඳහා වැය වන අනවශ්‍ය කාලය හා පිරිවැයත්, අපහසුතාවනුත් මඟහරවාගනු පිණිස මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හා එක්වන ලෙස පෞද්ගලික අංශය කළ ඉල්ලීම රජය විසින් නොසලකා හරිනු ලැබ ඇත. එබැවින්, 2015 වර්ෂයේදී මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හා එක්වීමට රජය ගෙන ආ යෝජනාව නිශ්චිත දිශාව වෙත යොමු කළ නිවැරදි පියවරකි.
මැඩ්රිඩ් ප්‍රොටොකෝලය විදේශීය වෙළෙඳ සන්නාම ලියාපදිංචිය පහසු කරදෙනු ඇත
විදේශීය වෙළෙඳ සන්නාම ලියාපදිංචි කිරීම සඳහා වන වර්තමාන ක්‍රියාවලිය කරදරකාරී එකකි. එය එක් එක් රටවල එක් එක් බුද්ධිමය දේපොළ කාර්යාල වෙත ඉදිරිපත් කිරීම සඳහා බහුභාෂාවලින් යුක්ත බහු- අයදුම්පත්වලින් සැදුම්ලත් ක්‍රියාවලියක් ගෙන එයි. එක් එක් බුද්ධිමය දේපොළ කාර්යාංශ මගින් ඒ ඒ රටවල සන්නාම ලියාපදිංචි කරදීම සඳහා ලබාගන්නා කාලය වසරක සිට වසර දහය දක්වා වෙනස් විය හැක. පාර්ශ්වකරුවන් විසින් එක් එක් රටවල් සඳහා බුද්ධිමය දේපොළ නීතිඥවරුන් කුලියට ගත යුතු අතර නීති ගාස්තු වශයෙන් විශාල මුදලක් වැය කරන්නට සිදුව ඇත.
මැඩ්රිඩ් ප්‍රොටොකෝලය විදේශ සන්නාම ලියාපදිංචිය සඳහා වන සරල සහ කේන්ද්‍රගත ක්‍රියාවලියයි. එය පාලනය කෙරෙන්නේ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) මගිනි. වර්තමානයෙහි එහි රටවල් සහ සංවිධාන 114ක් නියෝජනය කරන සාමාජිකයන් 98ක් වෙයි. එය ඉතා පහසු ක්‍රියාවලියක් වන්නේ රටවල් ගණනාවකදී සන්නාම ලියාපදිංචිය සඳහා එක් භාෂාවකින් තනි අයදුම්පතක් ඉදිරිපත් කර එක් ගෙවීමක් පමණක් සිදු කළ හැකි බැවිනි. තවදුරටත්, වසරක සිට වසර එකහමාර දක්වා වූ නිශ්චිත කාලසීමාවක් තුළ අයදුම්පත සඳහා කටයුතු යෙදෙන බව එම ක්‍රියාවලිය තුළින්ම වගකීමක් හිමි වේ. එසේම, එක් එක් රටවල් සඳහා නීතිඥයන් ලබාගනිමින් විශාල වශයෙන් නීතිමය කටයුතු සඳහා මුදල් වැය කිරීමට සිදුවීමද මෙමගින් ඉවත් කෙරේ.
මෙරට තුළම නිර්මාණය වී ඇති අවහිරතා, මැඩ්රිඩ් ප්රොටොකෝලයෙන් වන වාසි හිමිකරගැනීම වෙනුවට එහි වන අවශ්‍යතා පූර්ණය කරදීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය කර දෙයි. එහි පූර්ණ ප්රතිලාභ හිමි කරගැනීමට නම් ශ්‍රී ලංකාව වඩා ඉදිරිගාමී ලෙස සිතා බැලිය යුතු ය. ඒ සඳහා මෙරට තුළ වෙළෙඳසන්නාම ලියාපදිංචියේදී ශ්‍රී ලාංකික ව්‍යාපාර මුහුණදෙන අවහිරතා කවරේදැයි විමසා බලා පිළියම් යෙදීමකට යොමු විය යුතු ය.