Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මේ පිළිබඳ ‘පීපල්ස් පාක්’ සාප්පු සංකීර්ණයේ කළමනාකරු සහ වෙළෙඳ නියෝජිතයින් මෙසේ අදහස් දැක්වූයේය. මේ වෙළෙඳ සංකීර්ණයේ ඉන්නකොට පරිසරයේ ආරක්ෂාව හා පිරිසිදුකම පිළිබඳ සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි ‘පීපල්ස් පාක්’ සාප්පු සංකීර්ණයේ කළමනාකරු
“දිවා කාලයේ මේ සාප්පු සංකීර්ණයේ ඇතුළත හා පිටත ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් 09 දෙනෙකු යොදවා තිබෙනවා. ඒවගේම ආරක්ෂාව සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සකස් කර තිබෙනවා. මම හිතනවා අපි ලබාදෙන ඒ ආරක්ෂාව පාරිභෝගිකයන්ටත් ඒ වගේම වෙළෙඳ මහතුන්ටත් ප්‍රමාණවත් කියලා. නමුත් යම් හෙයකින් අපට පාලනය කරගත නොහැකි ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් අපි පොලීසිය දැනුවත් කර ඔවුන්ගෙන් අවශ්‍ය සහයෝගය ලබාගැනීමට කටයුතු කරනවා.
මේ සාප්පු සංකීර්ණයේ කඩසාප්පු 384ක් තිබෙනවා. ඒ නිසා මේ සාප්පු සංකීර්ණය තුළ සෑම දෙයක්ම වාගේ මිලට ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයාට තිබෙනවා. මෙහි එන පාරිභෝගිකයන්ට වාහන නැවැත්වීමේ පහසුකම් පවා අපි මෙහිදී සකස් කරදී තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ඔවුන්ගෙන් පොඩි මුදලක් අය කර ගන්නවා. නමුත් අනාරක්ෂිතව තිබෙන වාහන පිළිබඳ අපි කිසිදු වගකීමක් දරන්නේ නැහැ. එසේ ගාල්කර තිබෙන වාහනයකට යම් හානියක් සිදුවුවහොත් එය සී.සී.ටී.වී ඔස්සේ අපිට බලන්න පුළුවන්. නමුත් මේ වනතුරුත් එවැනි සිදුවීමක් පිළිබඳව වාර්තා වී නැහැ.
නමුත් පිටකොටුව කියන්නේ වංචනිකයන්, හොරුන් නිතරම ගැවසෙන ස්ථානයක්. ඒ නිසා අපේ ආරක්ෂක නිලධාරියෙක් නිතරම සාප්පු සංකීර්ණය වටේ ගමන් කරනවා. උදෑසන අටේ ඉඳන් සවස පහ වනතුරු අපි අනිවාර්යයෙන් ඒ ආරක්ෂාව පාරිභෝගිකයන්ට හා වෙළෙන්දන්ට ලබාදෙනවා. ඒ වගේම සවස පහෙන් පසුව කාර්යාලය වසා දැමුවත් ඒ ආරක්ෂාව ඒ ලෙසින්ම ලබාදීමට අපි කටයුතු කර තිබෙනවා. ආරක්ෂාව පිළිබඳ කුමන හෝ පුද්ගලයෙකුට ප්‍රශ්නයක් ඇතිවුණොත් කාර්යාලයට ඇවිත් වාර්තා කිරීම කළ යුතුයි.
කාන්තා හා පිරිමි වශයෙන් වැසිකිළි පහසුකම් අපි මේ වෙළෙඳ සංකීර්ණයේ සලසා දී තිබෙනවා. පාරිභෝගිකයෙක්ට ආහාර ගැනීමට පවා හොඳ ප්‍රමිතියෙන් යුක්ත ආහාරපාන මේ සාප්පු සංකීර්ණයේ අලෙවි සැල් තුළින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා.
පසුගිය වර්ෂය නම් හොඳ පිරිවැයක් තිබෙන අවුරුද්දක් වුණා. ඒ වගේම මේ වර්ෂය තුළත් හොඳ ලාභයක් ලැබේවි කියා මා අපේක්ෂා කරනවා.
මේ සාප්පු සංකීර්ණයේ සිටින සෑම ව්‍යාපාරිකයෙකුම අවුරුදු 10ක් 15ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ කිසිම බාධාවකින් තොරව තමන්ගේ ව්‍යාපාර කටයුතු සාමකාමීව කරගෙන යනවා. ඒ වගේම අපි මේ වෙළෙඳ සංකීර්ණයේ ඉන්නකොට පරිසරයේ ආරක්ෂාව හා පිරිසිදුකම පිළිබඳ සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි. ඒ වගේම පැමිණිල්ලක් ඉදිරිපත් කරනවාට වඩා තමන්ගේ වටිනා කියන දේවල් ප්‍රවේසම් කරගන්න එක හොඳයි. සහාදිපත්ය කළමනාකරණ පනත යටතේ පිහිටුවාලනු ලබන නිත්‍යනුකූලව ලාභ නොලබන මේ සමිතිය මෙම වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂාව, සුබසාධනය, වෙළෙඳ කටයුතු වැනි සියලු කටයුතු සිදුකරනවා”.
“මම සිලි බෑග්, කෑම පෙට්ටි, ලන්ච් ෂීට් වගේ පොලිතින් ආශ්රිත දේවල් මෙහි වෙළෙඳාම් කරනවා. පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි මගෙන් ඒවා තොග වශයෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම සිල්ලර මිලටත් මේ භාණ්ඩ ලබාගන්න පුළුවන්. අපි උදේ අට වෙනකොට වෙළෙඳාම අාරම්භ කරලා හවස පහ වගේ වෙනකොට අවසන් කරනවා. සාමාන්‍යයෙන් අපි රාත්‍රී කාලයේ වෙළෙඳාම් කරන්නේ නැහැ. මම දැන් මේ වෙළෙඳාම පටන් අරගෙනත් අවුරුදු දෙකක් වෙනවා.
කවුරුහරි පාරිභෝගිකයෙක් තොග වශයෙන් භාණ්ඩයක් ගත්තහම රුපියල් පහක හරි දෙකක හරි ලාභයක් ඔවුන්ට හිමි වෙනවා. ඉස්සර හැම පළාතකින්ම වගේ ඇවිත් තොග වශයෙන් මේ භාණ්ඩ අරගෙන යනවා. ඒත් දැන් ඒ වගේ ඉහළ ඉල්ලුමක් නැහැ.
අපි දැන් විකුණන පොලිතින් නිෂ්පාදන සියල්ලම පරිසර හිතකාමී ඒවා. කලින් රුපියල් 50,000ක බඩු ගන්නවා නම් දැන් එය පාරිභෝගිකයා අපෙන් ගන්නේ රුපියල් 25,000ක වගේ බාගෙට අඩු භාණ්ඩ ප්‍රමාණයක්. මොකද අහිතකර පොලිතින් තහනම් කළ නිසා කලින්ට වඩා මේ බඩුවල මිල ටිකක් ඉහළයි. ඒ කොහොම වුණත් අපේ වෙළෙඳාමේ අඩුවක් තිබුණත් ඒක ඇත්තේන්ම අපේ රටට, අපේ අනාගත පරම්පරාවට යහපතක් වෙනවා නම් අපි ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න බැඳිලා ඉන්නවා. ලාබය ගැන හිතලම වෙළෙඳාම් කරන්න බැහැ. අනුමත කළ පොලිතින් නිෂ්පාදන විතරයි අපි කරන්නේ. මේ හැම දෙයක්ම ලංකාවේ නිෂ්පාදන”.
“නූඩ්ලස්, පපඩම්, සෝස් වර්ග මම තොග සහ සිල්ලර වශයෙන් වෙළෙඳාම් කරනවා. කෑලි 10කට වැඩියෙන් තිබුණොත් තොග වශයෙන් තමයි අපි පාරිභෝගිකයාට අලෙවි කරන්නේ. ඒ නිසා සිල්ලර ගන්නවාට වඩා මිල ටිකක් අඩු කරලා ඔවුන්ට දෙන්න අපිට පුළුවන්. උදේ 8.30ට වගේ කඩේ ඇරියම හවස 5.30 වෙනකම්ම මම වෙළෙඳාම් කරනවා. මෙහේ බඩු ගන්න අයට වාහන නතර කර තබන්න ස්ථානයක් තිබෙනවා. ඒ වගේම බඩු වාහනය ළඟට ගෙන යෑමට අවශ්‍ය නම් අපි නාට්ටාමි කෙනෙක්ට කතා කරලා ඒ පහසුකමත් අපේ පාරිභෝගිකයන්ට සලසලා දෙනවා. ඒ නිසා තොග වශයෙන් ගන්න කෙනෙක්ට වුණත් යම් අපහසුතාවක් ඇති වෙන්න අපි ඉඩක් තියන්නේ නැහැ. නමුත් අපි බෙදාහැරීමක් සිදුකරන්නේ නැහැ. පාරිභෝගිකයෙක්ට යම් දෙයක් අවශ්‍ය නම් මෙතැනින් ලබාගන්න පුළුවන්. අපි අලෙවි කරන සෑම නිෂ්පාදනයක්ම කොලෙස්ටරොල් රහිත ඒවා. ප්‍රමිතියට නොමැති භාණ්ඩ අපි ළඟ නැහැ. අපි අලෙවි කරන සෑම භාණ්ඩයක්ම පාරිභෝගිකයාට ලබාදෙන්නේ විශ්වාසනීයත්වයෙන් යුතුවයි”.
“පාසල් ළමයින්ට අවශ්‍ය කරන පාසල් උපකරණ සියල්ලම වාගේ මගේ අලෙවි සැලෙන් මිලදී ගැනීමට පුළුවන්. වට්ටම් සහිතව පාරිභෝගිකයාට සුබදායී මිලකට ඒවා අපි ලබාදෙනවා. සිල්ලරට වගේම තොග වශයෙන් ඒවා මිලදී ගැනීමේ හැකියාව ඒ ඔස්සේ පාරිභෝගිකයාට උදාවෙනවා. කුමන හෝ භාණ්ඩයක දුසිමක් ගන්නකොට ඒ සඳහා වෙනම මිලක් අයවෙනවා වගේම පෙට්ටි ගණනින් ගන්නා විට තවත් මිලක් යටතේ පාරිභෝගිකයාට උපරිම ලාභයක් ලබාගැනීමට හැකිවන ලෙසින් තමයි අපි අලෙවි කටයුතු සිදුකරන්නේ. ප්‍රමාණයත් එක්ක මිලේ අඩු වැඩි වීමක් සිදුවෙනවා.
නිෂ්පාදන කර්මාන්ත ශාලාවලින් හිමිවන වට්ටමෙනුත් යම් ප්‍රමාණයක් පාරිභෝගිකයාට ලැබෙන විදිහට තමයි අපි මේ සියලු අලෙවි කටයුතු සිදුකරන්නේ.
ළමයෙකුට අවශ්‍ය කරන පාසල් උපකරණ දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මෙහිදී ලබාගැනීමට පුළුවන්. පාසල් ක්ෂේත්රයේ අවශ්‍ය උපකරණවලින් බොහෝ විට පොත් ආදිය වැඩි වශයෙන් ලංකාව තුළ නිෂ්පාදනය වෙනවා. ඊට අතිරේකව අවශ්‍ය උපකරණ තමයි අපි වෙනත් රටවලින් ගෙන්වීමක් සිදු කරන්නේ.
අපි පාරිභෝගිකයෙකුට කිසිම භාණ්ඩයක් බල කරලා විකුණන්නේ නැහැ. අවශ්‍යතාව අනුව ඉල්ලන ප්‍රමාණය මත ඒ භාණ්ඩය ඔවුන්ට දෙනවා. අපි ඔවුන්ට හොඳම දේ දෙන්න තමයි ගොඩක් උත්සාහ කරන්නේ. මොකක් හරි අතපසු වීමක් මත පාරිභෝගිකයා අපහසුතාවට පත්වෙනවට මම කැමති නැහැ. ඒ නිසා මම නිතරම පාරිභෝගිකයාට සුදුසුම දේ දෙන්න තමයි උත්සාහ කරන්නේ.
මේ ගොඩනැගිල්ලේ හතර වටින්ම පිටතට හා ඇතුළට එන්න පුළුවන් වෙන විදිහට නිරාවරණය වෙලා තිබෙන්නේ. යම් පාරිභෝගිකයෙකුට පිටතට බඩු ගෙනියන්න අවශ්‍ය නම් අපි ඒ පහසුකමත් ඔවුන්ට ලබාදීමට කටයුතු කරනවා.
ඇතැම් අවස්ථාවල වෙනත් නැවතුම් පොළක වාහනය තිබෙනවා නම් යම් අමතර මිලක් ගෙවා නාට්ටාමි කෙනෙක් මාර්ගයෙන් ඒ අවශ්‍ය බඩු ප්‍රවාහනය කර දෙනවා. අපි මෙතැන විකුණුවත් අපි තැන් කිහිපයකම මේ බඩු ගබඩා කරලා තියෙනවා. ඒ නිසා පාරිභෝගිකයෙකුට අවශ්‍ය ඕනම ප්‍රමාණයක් ලබාදීමේ හැකියාවක් අපිට තියෙනවා”.
“මම කරන්නේ ලංකාවේ හා ඉන්දියාවෙන් ගෙන්වන හඳුන්කූරු හා ෆැන්සි බඩු වෙළෙඳාම. අපිත් නියෝජිතයෙක් මාර්ගයෙන් නිෂ්පාදන භාණ්ඩ ලබාගෙන තමයි මේ ව්‍යාපාරය සිදුකරන්නේ.
තොග වගේම සිල්ලරටත් මේවා ලබාගැනීමට පුළුවන්. හඳුන්කූරු පෙට්ටි එකක් දෙකක් වුණත් මිලදී ගන්න පුළුවන්. ඒත් ෆැන්සි අයිටම් නම් පාරිභෝගිකයාට තොග වශයෙන් තමයි මිලදී ගන්න වෙන්නේ. යම් කෙනෙක්ට විශාල ප්‍රමාණයක් අපෙන් බඩු අරගෙන වාහනයට ඒ බඩු තොගය ගෙනියන්න අවශ්‍ය නම් අපි ඒ පහසුකමත් සලසා දෙනවා. මම උදෑසන හතට කඩේ වැඩ පටන් ගත්තහම රාත්‍රී හතට තමයි කඩේ වැඩ අවසන් කරන්නේ”.
“ලිපිද්‍රව්‍ය, පාසල් අභ්‍යාස පොත්, කාර්යාල ලිපිද්‍රව්‍ය ආදිය අපේ වෙළෙඳ සැල තුළ අලෙවි කරනවා. ඒ භාණ්ඩ ඕනෑම පාරිභෝගිකයෙකුට තොග හා සිල්ලර වශයෙන් මිලදී ගැනීමේ හැකියාවක් තිබෙනවා. අපි ගන්න භාණ්ඩයත් එක්ක තොගයට දිය යුතුද යන්න තීරණය කරනවා. සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙක් අභ්‍යාස පොත් 12ක් ගත්විට එය තොගයක් වශයෙන් තමයි අපි සලකන්නේ. ඒ වගේම සී.ආර් පොත් හයක් වගේ ගත්තම ඒත් අපි තොගයක් හැටියටයි ගණන් ගන්නේ. ලංකාවේ හොඳම ලිපිද්‍රව්‍ය වෙළෙඳ පොළේ මිලට වඩා අඩුවෙන් මම වෙළෙඳාම් කරනවා. අපේ වෙළෙඳ සැලෙන් පාසල් යන ළමයෙකුට අවශ්‍ය පැන්සලේ සිට සෑම දෙයක්ම මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. විශාල තොගයක් මිලදී ගන්න ආවත් අපිට පාරිභෝගිකයාගේ අවශ්‍යතාව සලසාදීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් විට එවැනි බඩු භාණ්ඩ මිලදී ගත්විට අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් ආදියත් සලසා දෙනවා. එකක් දෙකක් මිලදී ගන්නවාට වඩා තොග වශයෙන් ගැනීමේදී පැහැදිලි වෙනසක් දැකීමට පුළුවන්. පාරිභෝගිකයාට වුණත් ලාබයක් තියෙන්නේ එවිටයි. අපි දේශීය නිෂ්පාදන වගේම චීනය, ඉන්දියාව, වියට්නාමය වගේ රටවලින් ආනයනය කරන භාණ්ඩත් අලෙවි කරනවා. පාරිභෝගිකයා ගන්න භාණ්ඩ අනුව ගෙවීමේ ක්‍රමය ගැන සැලකිලිමත් වෙනවා. රජයේ සේවයේ නියුතු වන්නෙක් නම් අපි චෙක් වශයෙනුත්, අනෙක් පුද්ගලයන්ගෙන් ඒ අවස්ථාවේම මුදල් ලබාගනිමිනුත් ගනුදෙනු කටයුතු සිදුකරනවා. ඉදිරි කාලයේදී ඩෙබිට් කාඩ් මගින්ද ගනුදෙනු කිරීමට අපි අපේක්ෂා කරනවා. පාරිභෝගියාට අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසා දීමට බැංකු කිහිපයක්ම මෙම වෙළෙඳ සංකීර්ණයේ පිහිටා තිබෙනවා”.
“උදෑසන 5.30ට මගේ වෙළෙඳ සැල විවෘත කර අවසන් කරන කොට රාත්‍රී හත වගේ වෙනවා. කෙටි ආහාර වර්ග, උදේ දිවාරාත්‍රී ආහාර වගේම සවස් කාලයේදී ආප්ප වගේ දේවල්ද අපේ හෝටලය තුළින් පාරිභෝගිකයන්ට ලබාගන්න පුළුවන්. බොහෝ අය කඩවල්වලින් කන්න බයයි නොයෙක් රසකාරක දාන නිසා. ඒ වගේම ඒවා ශරීරයට අහිතකර නිසා. නමුත් මම ආහාර පිළියෙල කරනකොට ඒ කිසිවක් ආහාර සඳහා එක් කරන්නේ නැහැ. මම ගෙදර මේ සඳහාම සකස් කළ මුළුතැන්ගෙයක ඉඳන් තමයි මේවා පිළියෙල කරන්නේ. සේවකයෙක් ගන්නෙත් නෑ. මමයි මගේ බිරිඳයි එකතුවෙලා තමයි මේ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යන්නේ. ඇත්තටම අපි සාධාරණ මිලක් යටතේ අපේ සේවාදායකයාට ආහාරපාන ලබාදෙනවා. සාමාන්‍යයෙන් බුෆේ කෑම එකක මිල රුපියල් 150ක් වෙනවා. මම හිතන්නෑ ඒ මිලට වෙන කොහේවත් ගන්න තිබෙනවා කියලා. කවුරුහරි පුද්ගලයෙකු කෑම ඇණවුම් කළාම අපි ඒ ඇණවුමට ගැළපෙන අයුරින් ආහාර ප්‍රමාණය සකස් කර දෙනවා. එහෙම නැතිනම් මෙතැනට වුණත් පැමිණ ආහාර ලබාගැනීමට පුළුවන්. කෑම වර්ග වගේම අතුරුපස හා අවශ්‍ය බීම වර්ගත් අපෙන් මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිෂ්පාදන අපි හදන්නේ නැහැ. ඒවා අවශ්‍යතාව අනුව අපි නිෂ්පාදකයන්ගෙන් ලබාගන්නවා”.
popular news
Yg c bandara Sunday, 22 August 2021 07:51 PM
රටක් ආරක්ෂා කර ගැනීමට මිනිසුන් අතර අතිශ්‍රේෂ්ඨ මිනිසුන් නැත. කලබලකාරී. නැත්නම් සමාජ ධාරී ලෙස කටයුතු කරන ඔවුන්, තමනුත්, රටත් අගාධයට ගෙන යාම ට හදිසි නොවෙනවා ඇත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd